මල් තුහින වැසි ගිය
සිහින් තණ බිස්සක
රගයි නූරා රග
Tuesday, January 31, 2017
Sunday, February 21, 2016
Friday, July 11, 2014
විකුණපං
විකුණපං විකුණපං
දිගටම තව විකුණපං
සක්කිලි කමට විකුණපං
හොදට තලු මරලා තව විකුණපං
පැදුරක් දැක නැති උඹ
දුක් වින්දලු ජීවිතේ
කදුළක් දැක නැති උඹේ ජිවිතේ
දුක් වින්දලු ජීවිතේ
දුක් වින්දලු ජීවිතේ
විකුණපං තව විකුණපං
උඹ යාළුවෝ වික්කා
අපේ මිනිස්සු වික්කා
අපේ කමක් වික්කා
උඹේ ආත්මයත් වික්කා
විකුණපං තව විකුණපං
අපේ ජීවිත කතා උඹ විකුණපං
කුණු කොල්ලෙට රස බලනා
පරයන්ටම විකුණපං
Wednesday, June 11, 2014
පොසොන්....................
සිනා නැති මුහුණු
විඩාබර ජීවිත
දහස් ගණන්
මඟක් නොමැතිව අතරමංව
පිපාසයට
සොයයි ධම් පැන් පොදක්
මේ පොසොන් පෝදා-ගස් ගල් මතින්
කුසේ ගිනි නිවන්නට-දන්සැල් බත් පිඩක්
පොලිම් සැදි මග දිගට
මට ප්‍රීතියක් නොදැනේ-මේ පොසොන්
මිහිඳු හිමියනි
නැවත වැඩ
දෙසන්න බණ පදයක්
මේ සිනා නැති විඩාබර
ජීවිත සනහා-ඉසින්න ධම් පැන් පොදක්
පන්නා මිසදිටුවන්-ඔබ සැදු පරපුරේම
Tuesday, June 10, 2014
තනි යහන
සඳ කැන් පෙරෙයි සිරි යහනට වරින් වරේ
උඹ සැතැපුණු යහනේ ඉම තවම පෙණේ
සීතල ඝන තනි හද වී සිදුරු කරේ
තනිකඩ සිත නොනිදා රැය පහන් කරේ
උඹ සැතැපුණු යහනේ ඉම තවම පෙණේ
සීතල ඝන තනි හද වී සිදුරු කරේ
තනිකඩ සිත නොනිදා රැය පහන් කරේ
Tuesday, April 29, 2014
දිය බිඳ.........
ඝන දියබේ
කුඹගස නැති නෞකාවේ
අතරමංව-මංමුළාව
මග හසරක් නොදකිනා
විඩාබරව -සංකාව ගුලිකොට
සොයා ඇදේමි දිය දෝතක්
මහ ජල කද මැදක හිද
ගන්නට පහස නිවන
දිය දෝතක් මුවගට
Thursday, April 3, 2014
Sunday, March 16, 2014
තේ බාගය
ටික්කාගේ පුටාර් එක අරන්
ගියා පගලා උදේ හයට
රණ්ඩු කරලා වැඩියෙන් ගත්තු
මන් එනතුරු බිඳක් නොබි
පරිස්සමට තියා ගත්තු
බෝඩිමේ තේ එක .....ඔයා
කුණු කෙල පිටින්ම
දෙන්නත් එක්ක බාගේ බාගේ බොන්න
පෞද්ගලිකයි
E.N.B 2013 සම්පූර්ණ එක .
Thursday, March 13, 2014
වියරු වැටුණු පාලකයින්
බුරණ බල්ලන් දඩයමේ
අල්ලා කුදලා ගෙන චුත කර
සිනාසෙමින් බාල් නැටුම්
පිපාසයට වතුර ඉල්ලන උන් ගේ
කටවල් ගිරි වලට
බස්සන වෙඩි උණ්ඩ
වැටුණු රත් ලේ උඩ කෙලි දෙලෙන්
කන්න විතරක් කට හොල්ලන්න
කියනා නිසාවෙන්
කන්න නැති නිසාවෙන්
කට වසාගෙනම හාමතේ
පණ අදීන ජාතියක්
නිදිවැදියන් නොකියා කියන
කද බඩ හිර වෙච්ච අමනයින්
කන් වලට තද වෙන්න ගැහුවා ඇබ
වසා ජාතික රෙදි පටියෙන් දෙඇස
බුරණ බල්ලන් දඩයමේ
අල්ලා කුදලා ගෙන චුත කර
සිනාසෙමින් බාල් නැටුම්
පිපාසයට වතුර ඉල්ලන උන් ගේ
කටවල් ගිරි වලට
බස්සන වෙඩි උණ්ඩ
වැටුණු රත් ලේ උඩ කෙලි දෙලෙන්
කන්න විතරක් කට හොල්ලන්න
කියනා නිසාවෙන්
කන්න නැති නිසාවෙන්
කට වසාගෙනම හාමතේ
පණ අදීන ජාතියක්
නිදිවැදියන් නොකියා කියන
කද බඩ හිර වෙච්ච අමනයින්
කන් වලට තද වෙන්න ගැහුවා ඇබ
වසා ජාතික රෙදි පටියෙන් දෙඇස
Sunday, February 16, 2014
කන්දක් විලි බරව කෑ ගැහුවට
වදන්නෙ මී පැටියෙක් බව දන්නවා
බොලව්
වදපු මී පැටියාව අරගෙන උඹලා ලඟ
හිගා කන්න වෙන බවත් දන්නවා
බොලව්
දෙන්න බැරි නම් නොදි ඉදපල්ලා
මේ අමාරුවේන් වදපු මී පැටියව හැල්ලු නොකර
රිදෙනවා පපු කැවුත්ත හොදටම
ගලවලා අතට ගන්න හිතෙන තරම්
උනහපුලුවට උගේ පැටියා මැණිකක්ලු
එහෙව් එකේ මම වදපු මී පැටියා මට වටිනවා
මුළු හදින්ම
ප.ලි
මේ තියෙන්නෙ බොග ගැන නම් නොවෙය .කතාව නොතෙරෙ නම් කමක් නැත .
වදන්නෙ මී පැටියෙක් බව දන්නවා
බොලව්
වදපු මී පැටියාව අරගෙන උඹලා ලඟ
හිගා කන්න වෙන බවත් දන්නවා
බොලව්
දෙන්න බැරි නම් නොදි ඉදපල්ලා
මේ අමාරුවේන් වදපු මී පැටියව හැල්ලු නොකර
රිදෙනවා පපු කැවුත්ත හොදටම
ගලවලා අතට ගන්න හිතෙන තරම්
උනහපුලුවට උගේ පැටියා මැණිකක්ලු
එහෙව් එකේ මම වදපු මී පැටියා මට වටිනවා
මුළු හදින්ම
ප.ලි
මේ තියෙන්නෙ බොග ගැන නම් නොවෙය .කතාව නොතෙරෙ නම් කමක් නැත .
Friday, February 14, 2014
මගේ පෙම් කව නම්
දිය මත ලිව්වා ඔබේ නම මා
සදා නොමැකෙන සේ සිතා
අහසේ ඇන්දා අපේ පෙම කව
ලොවට පෙනෙතැයි සිතා
සුළගට කිවා අපේ පෙම් ගී
සුවහසක් අසතැයි සිතා
මලට දුන්නා ඔබේ සුවඳ මා
මල් සුවඳ කරවනු නියා
අදුරු පට වසා ගනව ගිය ලොව
තිමිර එළිය මතු නොඑනු නිසා
සදට බෑ කිසි දින හිරු අල්ලන නියා
හිරුට නෑ බිය මුළු එළිය හිරුගේ නිසා
Monday, February 10, 2014
බෙර කරු
මොන මඟුලකට බෙර ගැහුව ද මම
අවසානේ අතේ කරගැට විතරයි ඉතුරු
නටපු උන්ට අත්පොඩි හරි තිබුණා
තවත් නම් මේ බෙර ගහලා වැඩක් නෑ
හොදටම ඇති මේ බෙර හැහුවා
එක්කො නටන්න යන්න ඕන
වැඩක් නෑ නටන්න ගියත් -නටන්න දන්න එකක් ඈ
යනවා යන්න
මේ වේදිකාවෙන් බැහැලා- අයේ නොයෙන්නම ..
Sunday, February 2, 2014
කොණ්ඩය පාට කරපු
බුරියට පච්ච කොටපු
ඩෙනිමක් හිරට ඇදපු
කෙල්ලක් මට ඕනා ...
සුදු හම දිලිසි දිලිසි
තොල් දෙක පාට කරපු
ඇහිබැම හිනි කරපු
අට්ටික්කා මලක්ම මට ඕනා
පිටතින් යසට පෙනෙන
ගන්නට අසා හිතෙන
දැක්කත් ගත ගිනියම් වෙන
පට්ට කැල්ලක් මට ඕනා
සටහන
කර්තෘ මම නොවන අතර මා හට ලැබුණු පද කිහිපයකි .සම්පූර්ණ අයිතිය මා නොදන්නා කර්තෘ සතුය.
බුරියට පච්ච කොටපු
ඩෙනිමක් හිරට ඇදපු
කෙල්ලක් මට ඕනා ...
සුදු හම දිලිසි දිලිසි
තොල් දෙක පාට කරපු
ඇහිබැම හිනි කරපු
අට්ටික්කා මලක්ම මට ඕනා
පිටතින් යසට පෙනෙන
ගන්නට අසා හිතෙන
දැක්කත් ගත ගිනියම් වෙන
පට්ට කැල්ලක් මට ඕනා
සටහන
කර්තෘ මම නොවන අතර මා හට ලැබුණු පද කිහිපයකි .සම්පූර්ණ අයිතිය මා නොදන්නා කර්තෘ සතුය.
Monday, January 27, 2014
මදටිය පැහැය ගුලිකොට බැස යන එළිය
අඩුකර අවට වනපෙතෙහි මද එළිය
ගුණයා සමඟ මා ගස මුදුනට නැගිය
හබරා සමග බණ්ඩා තවමත් හෙනේ වටපිටය
කුරහන් තලප හා දඩමස් කෑ පසුව
ඇගට දැනුනු වෙහෙසත් දැන් නැති හැඩය
ලබු කැටයෙන් රා බී ගෙන ඇති සැටිය
හෙන දෙස දැස් යොමා අපි බස් කෙලිය
හබරා සමග බණ්ඩා හෙනේ සතර කොන
හු තලමින් ඇවිදියි ගිනිබට දෑතට රැගෙන
ගුණයා දමයි දරකොට මැලයට දළු නැඟෙන
මම තවමත් කර බාගෙන හිද ගෙනය
නාඹර ඉරිගු මල් වල සුවඳ සතර කොන
ගෙන එයි මසිත පිනවා මුදු සුළං පිස
මේ එන්නේ මිනිසුන් හෙළු දහදිය සුවඳ
කෙසේ තබම් හෙට්ටුව මේ රන් කරලකට
පුර හඳ මෝරා ඇවිදින් නිල් වන් අහස් කුස මත්තෙ
හොදින් පෙනෙ හෙනේ සතර කොණ පැල මත්තේ
ඇසුණි ඉරිඟු ගස් බිඳගෙන කෙනෙකුන් යන සද්දෙ
හබරා සමඟ බණ්ඩා ගිණි බඩ දෑතට ගත්තේ
වටකොට බැලිය සද්දය එන පැත්ත
ඊරියක හා පැටවුන් තිදෙනකු රොත්ත
බණ්ඩා සමඟ හබරා ගිනිබට එල්ල
මනා සිටි ඊරියගේ හිස කොදු ගෙන එල්ල
පුර පෝයත් ගෙවී තවමත් වරු දෙක තුනය
මම සන් කරෙමී බණ්ඩා වෙඩි නොතියන ලෙසය
එසැනින් නැගුන හබරා ගේ ගිනි බට හෙණය
ඊරිය සමග පැටවුන් දුවයි හෙනත් බිද ගෙන ය
දිව ගිය ඊරිය හෙනේ කොනක කැපූ
වලකට වැටි ගොඩ එනු බැරි මරහඩ නගනු
බණ්ඩා ලොකු ගලක් ගෙන හිස මත ඔසවනු
එසැනින් දැමින ඊරිය හිස මත කුඩු වෙනු
සටහන
හෙනක සිදුවූ සත්‍ය කතාවක් පාදක කොට ගත්තෙමී .........
Thursday, January 23, 2014
අම්මා ....
උඹ මගේ ලොකු පුතා කියා හිස අත ගෑ අම්මා
දිවි ගo තෙර එතෙර වන්න දිරි දුන් මගේ අම්මා
දෙතනේ කිරි ලෝභ නැතුව මට දුන් මගේ අම්මා
කවදා ගෙවමී දැයි නොදනිමී නුබෙ ණය මගේ අම්මා
වැටෙන වැටෙන හැම මොහොතම මා එසැවු අම්මා
ඇසට හොරෙන් කඳුළු ලොවට හැන්ගූ මගේ අම්මා
දිවි කතරට ඇද හැලේනා මහා වැස්සකි අම්මා
ලොව සැමටම උඩින් ඉන්න රැජිනකි මගේ අම්මා
දිවි මහා මෙර ගෙන හිස මත දුක් ඉහිලු අම්මා
වෙහෙරේ දිලෙන කිරි සුදු මිනි පලගකි නුබ අම්මා
බෝ සමිඳුන් ලඟ දැනෙනා සුවයයි නුඹ අම්මා
නුඹ මතු දා බුදු වන බව පෙන්නු මගේ අම්මා
දර ලිප මත දිව්‍ය බොජුන් සෑදූ මගේ අම්මා
ලෝභ නැතුව හැම දෙයක්ම පුජා කල අම්මා
පොහො දිනට සිල් ගන්නට නොගියත් නුඹ අම්මා
සැමදා නුඹ ලඟ හැමුවේ සිල් සුවඳයි මගේ අම්මා
කළු ගo දිය තලා ගියේ හෙළු කදුළැලි අම්මා
මහා මුහුදේ රළ නැගුණේ නුබේ දහදිය අම්මා
මුදු සුළගේ පිස හැමුවේ නුබේ සෙනහස් සුව අම්මා
බුදු සිරිපා දැක නමදිනු මෙන් නමදිමි මගේ අම්මා
සටහන...
බොහෝ කාලයක් අම්මා ගැන පද ටිකක් එකතු කරන්න මහන්සි උනා,කිසිම අදහසක් අවේ නෑ බස් හොල්ට් වල,බස් එකෙ එන ගමන් හිතන්න වුනා අන්තිමේදී මතක් වෙන පද කොළයක ලියන්න වුණා. පලවෙනි වතාවට කොළයක ලිවු කවි මේ.බොගොයට නොදාන්න හිතුවත් අවසාන යේ..........
මට තේරුණු දෙයක් නම් අම්මා ගැන පද ගලපන එක කොච්චර අමාරුද කියලා.අනිත් ඔය ලියපු හැම දෙයක්ම ලිව්වෙ විනාඩි 15-20 ක් වගේ ඇතුළත මොනිටරය දිහා බලාන එත් මේ පද ගලපන්න මට සති දෙකක් ගියා ,එත් මගේ හිත කියන්නෙ මේත් අසම්පූර්ණයි කියලා ...
Wednesday, January 22, 2014
මේක ද අපේ ජීවිතේ
අතේ තියන් මධුවිතේ
කන්නට පිච්චිය නෑ අතේ
එත්
බොනවා අපි සිතු ලෙසේ
බඩ ඇලිලා දැන් පිට පොතේ
එත් ඉන්නෙ අතල් එකේ
දරු පවුලත් දැන් හාමතේ
එත්
අපි නම් ෆුල් ෆන් එකේ
හරකුන් දැන් රට වටේ
ඇන,උලා කමින් තණ ඇටේ
කෙවිට ඇත්තේ අපේ අතේ
අපි
ඔසවමු උන් රැළ වටේ
දූපත දැන් උන් අතේ
උන් සිතා ඉන්නෙ ඒ ලෙසේ
අපේ උන් ගේ නෑ මොලේ
නවා දෙන්නෙ උන්ටම මතේ
සැමදා තද කර අපි පටි
ගෙවනා ජීවිත හරි ජොලි
උන් මඩි තද කර ගනී
අපි
කට හැරගෙන තවමත් බුදි
සැමදා මේ ලෙස ඉවසමු ද
ඉවසලා ඉවසලා තව මදි ද
සීමා ඉර තව පැන නැති ද
තව සිහලුන් අද මෙහි නැති ද
සටහන ...
මම කිසිදු පාර්ශ්වයකට අපහාස හෝ වෙන යම් පුද්ගලයන් ඉලක්ක නොකර ලියන ලද්දකි...
අතේ තියන් මධුවිතේ
කන්නට පිච්චිය නෑ අතේ
එත්
බොනවා අපි සිතු ලෙසේ
බඩ ඇලිලා දැන් පිට පොතේ
එත් ඉන්නෙ අතල් එකේ
දරු පවුලත් දැන් හාමතේ
එත්
අපි නම් ෆුල් ෆන් එකේ
හරකුන් දැන් රට වටේ
ඇන,උලා කමින් තණ ඇටේ
කෙවිට ඇත්තේ අපේ අතේ
අපි
ඔසවමු උන් රැළ වටේ
දූපත දැන් උන් අතේ
උන් සිතා ඉන්නෙ ඒ ලෙසේ
අපේ උන් ගේ නෑ මොලේ
නවා දෙන්නෙ උන්ටම මතේ
සැමදා තද කර අපි පටි
ගෙවනා ජීවිත හරි ජොලි
උන් මඩි තද කර ගනී
අපි
කට හැරගෙන තවමත් බුදි
සැමදා මේ ලෙස ඉවසමු ද
ඉවසලා ඉවසලා තව මදි ද
සීමා ඉර තව පැන නැති ද
තව සිහලුන් අද මෙහි නැති ද
සටහන ...
මම කිසිදු පාර්ශ්වයකට අපහාස හෝ වෙන යම් පුද්ගලයන් ඉලක්ක නොකර ලියන ලද්දකි...
Monday, January 20, 2014
අම්මාට ලියුමක්....
ගමේ සුවඳ අමතක කර
සෙයිලම් බතට රස වැටුණට
මට තවමත් වෙල්යායට
දුවලා එන්න හිතයි ..
රන් ගොයමේ ඇවිදින්නට
ඉපනැල්ලෙ දුව පනින්න
මට දැන් අමතක වුණාට
හිත දුවන්නෙ වෙල් යායට
මහා යායේ ඉපනැල්ලෙ
දුවලා පැනලා ඔට්ටු තියපු
එදා හිටපු ඒ යහළුවෝ
අද තවමත් ඒ වගේම
ඔට්ටු තියලා -කෙලි සෙල්ලම්
කරන වාද මගේ අම්මෙ ..
අසයි මට ගමට එන්න
පරණ යහළු යෙහෙළියන් එක්කලා
පරණ අතීතෙට යන්නට
එදා වගේ සැහැල්ලුවෙන්
එක් දවසක් හෝ ඉන්නට
ආසයි මට ගමට එන්න අම්මෙ ..
සෙයිලම් බතට රස වැටුණට
මට තවමත් වෙල්යායට
දුවලා එන්න හිතයි ..
රන් ගොයමේ ඇවිදින්නට
ඉපනැල්ලෙ දුව පනින්න
මට දැන් අමතක වුණාට
හිත දුවන්නෙ වෙල් යායට
මහා යායේ ඉපනැල්ලෙ
දුවලා පැනලා ඔට්ටු තියපු
එදා හිටපු ඒ යහළුවෝ
අද තවමත් ඒ වගේම
ඔට්ටු තියලා -කෙලි සෙල්ලම්
කරන වාද මගේ අම්මෙ ..
අසයි මට ගමට එන්න
පරණ යහළු යෙහෙළියන් එක්කලා
පරණ අතීතෙට යන්නට
එදා වගේ සැහැල්ලුවෙන්
එක් දවසක් හෝ ඉන්නට
ආසයි මට ගමට එන්න අම්මෙ ..
Thursday, January 9, 2014
දෝංකාරය......
අපේ කඳුළු කැට එක්කර
තැනු රාජ මාලිගයේ
උන් විරාජමාන ලෙසින්
වැජඹෙන දන තුටු කරමින්
මගේ අප්පච්චි ......
උඹට තෙරෙන්නෙ නැතිද
උන් අපේ උන් ගේ
ඇස්,කොදු,මොල හොරා ගෙන
අපේ උන් ගේ ලේ,ඇට,මස්
දියකරලා බදාමෙන්
කඳුළු කැට හිරකරලා
හදපු උස,මහත තාප්පයෙන්
උන්ට අපිව නොපෙනුනාට
සත්මහල් පායේ උඩ ඉන්න උන්ව
අපිට පෙනවා හොදට
ඇහෙන්නෙ නැතිද අප්පච්චී
සත් මහල් පායට යට වුණු
අපේ උන් ගේ විලාපයේ
දෝoකාරය .....
සටහන ...
මේ බොගිය මා විසින් ඇරැඹූ යේ ,මා හට එදිනෙදා,දකින දේ ගැන , මගේ අත්දැකිම්වැනි දේ කවි ,සින්දු ,නිසදැස් එක්කර තබා ගැනිමයි ...බොහෝ විට මේ ලියන දෑ කොල වල නැත ,සිදුවීම මතක් කොට ලිවිම මා සිදු කලෙමි ..
මා වැඩි උනන්දුවක් මේ වෙත යොමු නොකර සිටියද ඊයෙ මා බලන විට
පිටු පෙරලුම 1000 පසු කොට තිබින..එය එතරම් දෙයක් නොවෙ යයි කෙනෙකුට සිතිය හැක .නමුත් මෙය මා අවුරුද්දක් තුල තිබු ඉලක්කයයි ..
මගේ මේ බොගිය තුල නිබද සිටි අයවලුන්ට තුති කිරිමට මෙය නිම්ත්ත ලෙස මා සිතුවෙමි...
මුල සිටම සිටි ...
දිලිනි(කුරුටු ගෑ ගී පොත )
යක්ෂයා(යක්දෙස්සා ගල )
මල්මල් (මල් මල් අඩවිය )
(ඔබ තිදෙනාගේ බ්ලොග් වල මා අවසරයකින් තොරව ලින්කු එක් කර ඇත ,ඒ පිලිබද විරොධතා ඇත්නම් එවා ඉවත් කිරිමට කටයුතු කරමි )
විශේෂයෙන් දේශක හා මට බ්ලොග් ලිවිමට මුල සිට අත දුන් අපුර්වි ඔමයා අක්කාට ..
සියලු දෙනටම ස්තුතියි...
මගේ කලින් ලිවු විකාර දෙක ...
1-පිච්ච මල ...
2- පරවි කිරිල්ලී`...
තැනු රාජ මාලිගයේ
උන් විරාජමාන ලෙසින්
වැජඹෙන දන තුටු කරමින්
මගේ අප්පච්චි ......
උඹට තෙරෙන්නෙ නැතිද
උන් අපේ උන් ගේ
ඇස්,කොදු,මොල හොරා ගෙන
අපේ උන් ගේ ලේ,ඇට,මස්
දියකරලා බදාමෙන්
කඳුළු කැට හිරකරලා
හදපු උස,මහත තාප්පයෙන්
උන්ට අපිව නොපෙනුනාට
සත්මහල් පායේ උඩ ඉන්න උන්ව
අපිට පෙනවා හොදට
ඇහෙන්නෙ නැතිද අප්පච්චී
සත් මහල් පායට යට වුණු
අපේ උන් ගේ විලාපයේ
දෝoකාරය .....
සටහන ...
මේ බොගිය මා විසින් ඇරැඹූ යේ ,මා හට එදිනෙදා,දකින දේ ගැන , මගේ අත්දැකිම්වැනි දේ කවි ,සින්දු ,නිසදැස් එක්කර තබා ගැනිමයි ...බොහෝ විට මේ ලියන දෑ කොල වල නැත ,සිදුවීම මතක් කොට ලිවිම මා සිදු කලෙමි ..
මා වැඩි උනන්දුවක් මේ වෙත යොමු නොකර සිටියද ඊයෙ මා බලන විට
පිටු පෙරලුම 1000 පසු කොට තිබින..එය එතරම් දෙයක් නොවෙ යයි කෙනෙකුට සිතිය හැක .නමුත් මෙය මා අවුරුද්දක් තුල තිබු ඉලක්කයයි ..
මගේ මේ බොගිය තුල නිබද සිටි අයවලුන්ට තුති කිරිමට මෙය නිම්ත්ත ලෙස මා සිතුවෙමි...
මුල සිටම සිටි ...
දිලිනි(කුරුටු ගෑ ගී පොත )
යක්ෂයා(යක්දෙස්සා ගල )
මල්මල් (මල් මල් අඩවිය )
(ඔබ තිදෙනාගේ බ්ලොග් වල මා අවසරයකින් තොරව ලින්කු එක් කර ඇත ,ඒ පිලිබද විරොධතා ඇත්නම් එවා ඉවත් කිරිමට කටයුතු කරමි )
විශේෂයෙන් දේශක හා මට බ්ලොග් ලිවිමට මුල සිට අත දුන් අපුර්වි ඔමයා අක්කාට ..
සියලු දෙනටම ස්තුතියි...
මගේ කලින් ලිවු විකාර දෙක ...
1-පිච්ච මල ...
2- පරවි කිරිල්ලී`...
Wednesday, January 8, 2014
පරවි කිරිල්ලී`...
මතක සුවඳ පොදි එක් කර
ගියාද සැගවී -පරවි කිරිල්ලී
නුඹ මගේ කිරිල්ලී
මතක අහුරු ගෙන එක් කර
ඇවිලෙන හදට දමා ගිනිලන්නට
කුරිරු හදක් ගෙන නුඹ අද
ගියාද සැගවී -කියන්න සොදුරේ
ඉන්න ඉසව්වක් මා වෙත
කියා එවාපන් හනිකට
පිච්ච මල් සුවද මා හද
දැනේ තවම පෙරදා ලෙස
කොඩු කිරිල්ලී -නුඹ මගේ කිරිල්ලී`
ප.ලි
මේකේ පලමු එක බලන්න ,කොටන්න ...:)
පිච්ච මල ...
දුටුව දිනම සිට මා හද
රැදි ඇත තවම තද ලෙස
පිච්ච මල් ගැසු වරලස
ඔය මුවගින් පෑ මදහස
මගේ කුමාරි -නොවෙදෝ
තබා පොට්ටුවක් නලලත
ලතාවට ගමන් යන සඳ
කියාපාන් සොදුර මා හට
දන්න වචන ටික එක් කර
නුඹ මගේ ද කියලා
අයිති කෙනෙකු නැති නම් නුබ
මනාප නම් නුඹ මා හට
මගේ පුoචි ගෙපැල තුලට
වඩින් කුමාරි-නුඹ මගේ කුමාරි
ප.ලි
දමන්න මතෘකාවක් මට මතක් වුණේ නැතිය ,පුළුවන් නම් යොජනා කරන්න ...:)
Subscribe to:
Posts (Atom)












