Sunday, March 16, 2014

තේ බාගය


ටික්කාගේ පුටාර් එක අරන් 
ගියා පගලා උදේ හයට 
රණ්ඩු කරලා වැඩියෙන් ගත්තු 
මන් එනතුරු බිඳක් නොබි
පරිස්සමට තියා ගත්තු 
බෝඩිමේ තේ එක .....ඔයා 
කුණු කෙල පිටින්ම 
දෙන්නත් එක්ක බාගේ බාගේ බොන්න 



පෞද්ගලිකයි 
 E.N.B 2013 සම්පූර්ණ එක .


Thursday, March 13, 2014

වියරු වැටුණු පාලකයින් 
බුරණ බල්ලන් දඩයමේ 
අල්ලා කුදලා ගෙන චුත කර 
සිනාසෙමින් බාල් නැටුම්

පිපාසයට වතුර ඉල්ලන උන් ගේ 
කටවල් ගිරි  වලට 
බස්සන වෙඩි උණ්ඩ 
වැටුණු රත් ලේ උඩ කෙලි දෙලෙන්

කන්න විතරක් කට හොල්ලන්න
කියනා නිසාවෙන් 
කන්න නැති නිසාවෙන් 
කට වසාගෙනම හාමතේ 
පණ අදීන ජාතියක්

නිදිවැදියන් නොකියා කියන 
කද බඩ හිර වෙච්ච අමනයින් 
කන් වලට තද වෙන්න ගැහුවා ඇබ 
වසා ජාතික රෙදි පටියෙන් දෙඇස 
 

Blogger Tricks