Monday, January 27, 2014

මදටිය පැහැය ගුලිකොට බැස යන       එළිය 
අඩුකර අවට වනපෙතෙහි  මද             එළිය 
ගුණයා සමඟ මා ගස මුදුනට              නැගිය 
හබරා සමග බණ්ඩා තවමත් හෙනේ  වටපිටය 

කුරහන් තලප හා දඩමස් කෑ            පසුව 
ඇගට දැනුනු වෙහෙසත් දැන් නැති   හැඩය 
ලබු කැටයෙන් රා  බී ගෙන ඇති      සැටිය 
හෙන දෙස දැස් යොමා අපි බස්      කෙලිය 

හබරා සමග බණ්ඩා හෙනේ සතර    කොන 
හු තලමින් ඇවිදියි ගිනිබට දෑතට      රැගෙන 
ගුණයා දමයි දරකොට මැලයට දළු නැඟෙන
මම තවමත් කර බාගෙන   හිද        ගෙනය 

නාඹර ඉරිගු මල් වල සුවඳ සතර  කොන 
ගෙන එයි මසිත පිනවා මුදු සුළං       පිස 
මේ එන්නේ මිනිසුන් හෙළු දහදිය   සුවඳ 
කෙසේ තබම් හෙට්ටුව මේ රන් කරලකට 

පුර හඳ මෝරා ඇවිදින් නිල් වන් අහස් කුස  මත්තෙ 
හොදින් පෙනෙ හෙනේ සතර කොණ පැල  මත්තේ 
ඇසුණි ඉරිඟු ගස් බිඳගෙන කෙනෙකුන් යන  සද්දෙ
හබරා සමඟ  බණ්ඩා  ගිණි බඩ දෑතට         ගත්තේ

වටකොට බැලිය සද්දය එන         පැත්ත 
ඊරියක හා පැටවුන් තිදෙනකු       රොත්ත
බණ්ඩා සමඟ හබරා ගිනිබට           එල්ල   
මනා සිටි ඊරියගේ හිස කොදු ගෙන  එල්ල 

පුර පෝයත් ගෙවී තවමත් වරු දෙක          තුනය 
මම සන් කරෙමී බණ්ඩා වෙඩි නොතියන  ලෙසය 
එසැනින් නැගුන හබරා ගේ  ගිනි බට       හෙණය 
ඊරිය  සමග පැටවුන් දුවයි හෙනත්  බිද     ගෙන ය 

දිව  ගිය ඊරිය හෙනේ කොනක          කැපූ 
වලකට වැටි ගොඩ එනු බැරි මරහඩ  නගනු 
බණ්ඩා ලොකු ගලක් ගෙන හිස මත ඔසවනු
එසැනින් දැමින ඊරිය හිස මත  කුඩු     වෙනු 

සටහන
 හෙනක සිදුවූ සත්‍ය කතාවක් පාදක කොට ගත්තෙමී .........
  

Thursday, January 23, 2014

අම්මා ....


උඹ මගේ ලොකු පුතා කියා හිස අත ගෑ            අම්මා
දිවි ගo තෙර එතෙර වන්න දිරි දුන් මගේ           අම්මා 
දෙතනේ කිරි ලෝභ නැතුව මට දුන් මගේ         අම්මා 
කවදා ගෙවමී දැයි නොදනිමී නුබෙ ණය මගේ   අම්මා

වැටෙන වැටෙන හැම මොහොතම  මා එසැවු   අම්මා
ඇසට හොරෙන් කඳුළු ලොවට හැන්ගූ මගේ     අම්මා
දිවි කතරට ඇද හැලේනා මහා වැස්සකි             අම්මා 
ලොව සැමටම උඩින් ඉන්න රැජිනකි  මගේ      අම්මා 

දිවි මහා මෙර ගෙන හිස මත දුක් ඉහිලු           අම්මා
වෙහෙරේ දිලෙන කිරි සුදු මිනි පලගකි නුබ    අම්මා 
බෝ සමිඳුන් ලඟ දැනෙනා සුවයයි නුඹ           අම්මා 
නුඹ මතු දා බුදු වන බව පෙන්නු මගේ            අම්මා 


දර ලිප මත දිව්‍ය බොජුන් සෑදූ මගේ                අම්මා 
ලෝභ නැතුව හැම දෙයක්ම පුජා කල              අම්මා 
පොහො දිනට සිල් ගන්නට  නොගියත් නුඹ    අම්මා 
සැමදා නුඹ ලඟ හැමුවේ  සිල් සුවඳයි මගේ      අම්මා 

කළු ගo දිය තලා ගියේ හෙළු කදුළැලි              අම්මා 
මහා මුහුදේ රළ නැගුණේ නුබේ දහදිය           අම්මා 
මුදු සුළගේ පිස හැමුවේ නුබේ සෙනහස් සුව    අම්මා  
බුදු සිරිපා දැක නමදිනු මෙන් නමදිමි මගේ      අම්මා 

 සටහන...
බොහෝ කාලයක් අම්මා ගැන පද ටිකක් එකතු කරන්න මහන්සි උනා,කිසිම අදහසක් අවේ නෑ බස් හොල්ට් වල,බස් එකෙ එන ගමන් හිතන්න වුනා අන්තිමේදී මතක් වෙන පද කොළයක ලියන්න වුණා. පලවෙනි වතාවට කොළයක ලිවු කවි මේ.බොගොයට නොදාන්න හිතුවත් අවසාන යේ..........
මට තේරුණු දෙයක් නම් අම්මා ගැන පද ගලපන එක කොච්චර අමාරුද කියලා.අනිත් ඔය ලියපු හැම දෙයක්ම ලිව්වෙ විනාඩි 15-20 ක් වගේ ඇතුළත මොනිටරය දිහා බලාන  එත් මේ පද ගලපන්න මට සති දෙකක් ගියා ,එත් මගේ හිත කියන්නෙ මේත් අසම්පූර්ණයි  කියලා ...


Wednesday, January 22, 2014

මේක ද අපේ ජීවිතේ 
අතේ තියන් මධුවිතේ
කන්නට පිච්චිය නෑ අතේ 
එත් 
බොනවා අපි සිතු ලෙසේ 

බඩ ඇලිලා දැන් පිට පොතේ 
එත් ඉන්නෙ අතල් එකේ 
දරු පවුලත් දැන් හාමතේ
එත් 
අපි නම් ෆුල් ෆන් එකේ 

හරකුන් දැන් රට වටේ 
ඇන,උලා කමින් තණ ඇටේ 
කෙවිට ඇත්තේ අපේ අතේ 
අපි 
ඔසවමු උන් රැළ වටේ 

දූපත දැන් උන් අතේ 
උන් සිතා ඉන්නෙ ඒ ලෙසේ 
අපේ උන් ගේ නෑ මොලේ 
නවා දෙන්නෙ උන්ටම මතේ 

සැමදා තද කර අපි පටි 
ගෙවනා ජීවිත හරි ජොලි 
උන් මඩි තද කර ගනී 
අපි
කට හැරගෙන තවමත් බුදි 

සැමදා මේ ලෙස ඉවසමු    ද
ඉවසලා ඉවසලා තව මදි    ද 
සීමා ඉර තව පැන නැති      ද 
තව සිහලුන් අද මෙහි නැති ද 




සටහන ...
මම කිසිදු පාර්ශ්වයකට අපහාස හෝ වෙන යම් පුද්ගලයන් ඉලක්ක නොකර ලියන ලද්දකි...

Monday, January 20, 2014

අම්මාට ලියුමක්....

ගමේ සුවඳ අමතක කර 
සෙයිලම් බතට රස වැටුණට 
මට තවමත් වෙල්යායට
දුවලා එන්න හිතයි ..

රන් ගොයමේ ඇවිදින්නට 
ඉපනැල්ලෙ දුව පනින්න 
මට දැන් අමතක වුණාට 
හිත දුවන්නෙ වෙල් යායට 

මහා යායේ ඉපනැල්ලෙ 
දුවලා පැනලා ඔට්ටු තියපු 
එදා හිටපු ඒ යහළුවෝ 
අද තවමත් ඒ වගේම
ඔට්ටු තියලා -කෙලි සෙල්ලම් 
කරන වාද මගේ අම්මෙ ..


අසයි මට ගමට එන්න 
පරණ යහළු යෙහෙළියන් එක්කලා 
පරණ අතීතෙට යන්නට 
එදා වගේ සැහැල්ලුවෙන් 
එක් දවසක් හෝ ඉන්නට
ආසයි මට ගමට එන්න  අම්මෙ ..

 

Thursday, January 9, 2014

දෝංකාරය......

අපේ කඳුළු කැට එක්කර 
තැනු රාජ මාලිගයේ 
උන් විරාජමාන ලෙසින් 
වැජඹෙන දන තුටු කරමින් 
මගේ අප්පච්චි ......
උඹට තෙරෙන්නෙ නැතිද 
උන් අපේ උන් ගේ
ඇස්,කොදු,මොල හොරා ගෙන

අපේ උන් ගේ ලේ,ඇට,මස්
දියකරලා බදාමෙන් 
කඳුළු කැට හිරකරලා 
හදපු උස,මහත තාප්පයෙන් 
උන්ට අපිව නොපෙනුනාට 
සත්මහල් පායේ උඩ ඉන්න උන්ව 
අපිට පෙනවා හොදට 
ඇහෙන්නෙ නැතිද අප්පච්චී 
සත් මහල් පායට යට වුණු 
අපේ උන් ගේ විලාපයේ 
දෝoකාරය .....


සටහන ...
මේ බොගිය මා විසින් ඇරැඹූ යේ ,මා හට එදිනෙදා,දකින දේ ගැන , මගේ අත්දැකිම්වැනි දේ කවි ,සින්දු ,නිසදැස් එක්කර තබා ගැනිමයි ...බොහෝ විට මේ ලියන දෑ කොල වල නැත ,සිදුවීම මතක් කොට ලිවිම මා සිදු කලෙමි ..


මා වැඩි උනන්දුවක් මේ වෙත යොමු නොකර සිටියද ඊයෙ මා බලන විට 
පිටු පෙරලුම 1000 පසු කොට තිබින..එය එතරම් දෙයක් නොවෙ යයි කෙනෙකුට සිතිය හැක .නමුත් මෙය මා අවුරුද්දක් තුල තිබු ඉලක්කයයි ..


මගේ මේ බොගිය තුල නිබද සිටි අයවලුන්ට තුති කිරිමට මෙය නිම්ත්ත ලෙස මා සිතුවෙමි...

මුල සිටම සිටි ...
දිලිනි(කුරුටු ගෑ ගී පොත )
යක්ෂයා(යක්දෙස්සා ගල )
මල්මල් (මල් මල් අඩවිය )
(ඔබ තිදෙනාගේ බ්ලොග් වල මා අවසරයකින් තොරව ලින්කු එක් කර ඇත ,ඒ පිලිබද විරොධතා ඇත්නම් එවා ඉවත් කිරිමට කටයුතු කරමි )
විශේෂයෙන්  දේශක හා මට බ්ලොග් ලිවිමට මුල සිට අත දුන් අපුර්වි ඔමයා අක්කාට ..
සියලු දෙනටම ස්තුතියි... 

මගේ කලින් ලිවු විකාර දෙක ...
1-පිච්ච මල ...
2- පරවි කිරිල්ලී`...

 
 
 

Wednesday, January 8, 2014

පරවි කිරිල්ලී`...

තබා සුවඳ පොද මා හඳ
මතක සුවඳ පොදි එක් කර 
ගියාද සැගවී -පරවි කිරිල්ලී 
නුඹ මගේ කිරිල්ලී

මතක අහුරු ගෙන එක් කර 
ඇවිලෙන හදට දමා ගිනිලන්නට 
කුරිරු හදක් ගෙන නුඹ අද 
ගියාද සැගවී -කියන්න සොදුරේ 

ඉන්න ඉසව්වක් මා වෙත 
කියා එවාපන් හනිකට
පිච්ච මල් සුවද මා හද 
දැනේ තවම පෙරදා ලෙස 
කොඩු කිරිල්ලී -නුඹ මගේ කිරිල්ලී`

ප.ලි 
මේකේ පලමු එක  බලන්න ,කොටන්න ...:)

පිච්ච මල ...


දුටුව දිනම සිට මා හද 
රැදි ඇත තවම තද ලෙස
පිච්ච මල් ගැසු වරලස 
ඔය මුවගින් පෑ මදහස 
මගේ කුමාරි -නොවෙදෝ 

තබා පොට්ටුවක් නලලත 
ලතාවට ගමන් යන සඳ
කියාපාන් සොදුර මා හට 
දන්න වචන ටික එක් කර 
නුඹ මගේ ද කියලා 

අයිති කෙනෙකු නැති නම් නුබ 
මනාප නම් නුඹ මා හට 
මගේ පුoචි ගෙපැල තුලට 
වඩින් කුමාරි-නුඹ මගේ කුමාරි

 ප.ලි 
දමන්න මතෘකාවක් මට මතක් වුණේ නැතිය ,පුළුවන් නම් යොජනා කරන්න ...:)
 

Sunday, January 5, 2014

මා අතැර යන සොදුර ....

මා හැර දා 
නිසලව නුඹ
සිතල දෙඅත් ගුලිකොට 
යන්න යනු තනියම 
මෙතුවක් අප ආ දුර 
නුඹ මා තනිකර දමා 
පාළු කතරක ....

ඇසිපිය සලා කුමකටද 
නුඹ තවමත් මහද තුල 
කෙලි දෙලෙන් රගනු 
පෙනේ මට නිතර ...

සුදු ගවුම ඇද 
මනාලියක වී නුඹ 
ආ එ දවස
මා දෙඅත් අතරට 
අදත් නුඹ 
සුදු වතින් සැරසි 
යනු කිනම් ගමනක් ද 
මා දෙඅත අතහැර ..

සොදුර 
කියා දෙමි මතු දිනෙක 
නුඹ මා ගෙවු දිවි පෙවෙත
ජෙත්තුකාර දරුවනට..

ඉතින් යම් මතු දිනෙක 
මා ද පැමිණේවී 
නුබේ තනි මකන්නට 
එතෙක් ඉවසා 
නුඹට හිටි හැකිද 
මා සොදුර .....


 

Blogger Tricks