විකුණපං විකුණපං
දිගටම තව විකුණපං
සක්කිලි කමට විකුණපං
හොදට තලු මරලා තව විකුණපං
පැදුරක් දැක නැති උඹ
දුක් වින්දලු ජීවිතේ
කදුළක් දැක නැති උඹේ ජිවිතේ
දුක් වින්දලු ජීවිතේ
දුක් වින්දලු ජීවිතේ
විකුණපං තව විකුණපං
උඹ යාළුවෝ වික්කා
අපේ මිනිස්සු වික්කා
අපේ කමක් වික්කා
උඹේ ආත්මයත් වික්කා
විකුණපං තව විකුණපං
අපේ ජීවිත කතා උඹ විකුණපං
කුණු කොල්ලෙට රස බලනා
පරයන්ටම විකුණපං
හැම දේම මාකට් වෙන සමාජයේ මාකට් නොවන එකම දේ මාකටිං
ReplyDeleteඑකත් මාකටිං වෙලා ඉවරයි මට හිතෙන්නෙ මල්ලියා
Deleteමේක මම හිතන පුදගලයට එල්ල කළා නම්.. බොහොම අපූරුයි..
ReplyDeleteඔය බොරු දුක ගැන කියන ඕන එකෙකුට මෙක හරියයි
Deleteඅපුර්වයි..
ReplyDeleteස්තුතියි :)))
Deleteඅද කාලෙ අපිත් නොදැනිම විකිණෙනවා....
ReplyDeleteඅපි ඉත්ං විකිනෙන්න වෙලා මොනවා කරන්නද ?දැන් මොනවද විකිනෙන්නෙ නැත්තේ ??
Delete"මගේම කලිසම අගේට ඇඳගෙන ඌ උගේ වගේ යනවා..."
ReplyDeleteවගෙයි නේද බං මේකත්. දු විඳපු එකාගෙ දුක ඒක නොවිඳපු එකෙක් උගේ කරගෙන අර දුක් විඳපු එකා විකුණගෙන කනකොට දැනෙන හැඟීමට උඹ අපූරු පාටක් තවරලා සහෝ..
ඔවුවා මොනාද බං ඉතින්..
ReplyDelete