Monday, January 20, 2014

අම්මාට ලියුමක්....

ගමේ සුවඳ අමතක කර 
සෙයිලම් බතට රස වැටුණට 
මට තවමත් වෙල්යායට
දුවලා එන්න හිතයි ..

රන් ගොයමේ ඇවිදින්නට 
ඉපනැල්ලෙ දුව පනින්න 
මට දැන් අමතක වුණාට 
හිත දුවන්නෙ වෙල් යායට 

මහා යායේ ඉපනැල්ලෙ 
දුවලා පැනලා ඔට්ටු තියපු 
එදා හිටපු ඒ යහළුවෝ 
අද තවමත් ඒ වගේම
ඔට්ටු තියලා -කෙලි සෙල්ලම් 
කරන වාද මගේ අම්මෙ ..


අසයි මට ගමට එන්න 
පරණ යහළු යෙහෙළියන් එක්කලා 
පරණ අතීතෙට යන්නට 
එදා වගේ සැහැල්ලුවෙන් 
එක් දවසක් හෝ ඉන්නට
ආසයි මට ගමට එන්න  අම්මෙ ..

 

6 comments:

  1. ///අසයි මට ගමට එන්න // කියන අදහස කවිය පුරාම තියෙනවා මල්ලි ,, ලස්සනයි ,

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..නිකමට හිතුනා .

      Delete
  2. අසයිද ආසයිද??? කතාවක කෙසේ වෙතත් කවියක ඇලපිල්ල මිස් උනත් අනාතයි..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ කවිය අසාර්ථකයි. වැටෙන්න නෙමෙයි යකෝ කිව්වේ හැදෙන්න..

      Delete
    2. ඒක ඇත්ත ,,ඊලග එක මිට හොදින් ලියන්න

      Delete
    3. දේශක & අපූර්වී
      ගොඩක් ස්තුතියි දෙන ගුරු හරුකම් වලට ...ඇත්තටම මෙක කවියක් නම් නෙවෙයි
      වැරදි හැදුවා ...ඊළඟ එක හොදට ලියන්න උත්සහ කරන්නම් ...

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks