Thursday, January 9, 2014

දෝංකාරය......

අපේ කඳුළු කැට එක්කර 
තැනු රාජ මාලිගයේ 
උන් විරාජමාන ලෙසින් 
වැජඹෙන දන තුටු කරමින් 
මගේ අප්පච්චි ......
උඹට තෙරෙන්නෙ නැතිද 
උන් අපේ උන් ගේ
ඇස්,කොදු,මොල හොරා ගෙන

අපේ උන් ගේ ලේ,ඇට,මස්
දියකරලා බදාමෙන් 
කඳුළු කැට හිරකරලා 
හදපු උස,මහත තාප්පයෙන් 
උන්ට අපිව නොපෙනුනාට 
සත්මහල් පායේ උඩ ඉන්න උන්ව 
අපිට පෙනවා හොදට 
ඇහෙන්නෙ නැතිද අප්පච්චී 
සත් මහල් පායට යට වුණු 
අපේ උන් ගේ විලාපයේ 
දෝoකාරය .....


සටහන ...
මේ බොගිය මා විසින් ඇරැඹූ යේ ,මා හට එදිනෙදා,දකින දේ ගැන , මගේ අත්දැකිම්වැනි දේ කවි ,සින්දු ,නිසදැස් එක්කර තබා ගැනිමයි ...බොහෝ විට මේ ලියන දෑ කොල වල නැත ,සිදුවීම මතක් කොට ලිවිම මා සිදු කලෙමි ..


මා වැඩි උනන්දුවක් මේ වෙත යොමු නොකර සිටියද ඊයෙ මා බලන විට 
පිටු පෙරලුම 1000 පසු කොට තිබින..එය එතරම් දෙයක් නොවෙ යයි කෙනෙකුට සිතිය හැක .නමුත් මෙය මා අවුරුද්දක් තුල තිබු ඉලක්කයයි ..


මගේ මේ බොගිය තුල නිබද සිටි අයවලුන්ට තුති කිරිමට මෙය නිම්ත්ත ලෙස මා සිතුවෙමි...

මුල සිටම සිටි ...
දිලිනි(කුරුටු ගෑ ගී පොත )
යක්ෂයා(යක්දෙස්සා ගල )
මල්මල් (මල් මල් අඩවිය )
(ඔබ තිදෙනාගේ බ්ලොග් වල මා අවසරයකින් තොරව ලින්කු එක් කර ඇත ,ඒ පිලිබද විරොධතා ඇත්නම් එවා ඉවත් කිරිමට කටයුතු කරමි )
විශේෂයෙන්  දේශක හා මට බ්ලොග් ලිවිමට මුල සිට අත දුන් අපුර්වි ඔමයා අක්කාට ..
සියලු දෙනටම ස්තුතියි... 

මගේ කලින් ලිවු විකාර දෙක ...
1-පිච්ච මල ...
2- පරවි කිරිල්ලී`...

 
 
 

10 comments:

  1. ජය වේවා.. ඇත්ත පටන් ගත්ත අළුත මටත් 1000 පන්නපු එක ලොකු උත්තේජනයක් උනා.. සුභ පැතුම් දිගටම රැදියන්.. එච්චරයි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දේශකතුමා ...
      මම මේ බොලොග් එකට වැඩි උනන්දුවක් යෙදුවේ නෑ ,මෙක ඇඳගෙන ගිය අය තමා ඔය උඩ ඉන්න අය ..ඔබත් ඉන් කෙනෙක් ,,ඔබලා අඩුපාඩු පෙන්වා දෙන තරමට මගේ මොරාල් අප් වෙනවා ....

      Delete
  2. හාපේ මෙන්න පබ්ලිසිටියකුත් දීලා... දිගට ම ලියමු සහෝ... මමත් ඉතින් බ්ලොග් එක පටන් ගත්තෙ ළඟ දි නේ!

    ReplyDelete
    Replies
    1. හාපේ මෙන්න පබ්ලිසිටියකුත් දීලා.///
      දැන් විතරයි නොමිලේ ඉදිරියේදී මුදල් අය කරනු ලැබේ :)
      මම ඔයාලටත් වඩා අධුනිකයි නේ ...
      ස්තුතියි...

      Delete
  3. අඩේ මම මුල ඉදන්ම ආව එකෙක් ද බන්? සතුටුයි මචන් බොක්කෙන්ම. මාත් කියලා උඹේ වේගෙන්ම තමයි යන්නේ. මේ යන විදියටම යමු දිගටම එහෙනම්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ..මුල සිට තමා ,මමත් තවම වැඩිකල් නෑ නොවෑ ..යමු යමු ...වෙලාව තියෙන විදිහට ලියනවා ...

      Delete
  4. Replies
    1. නාඩියෝ ..මෙහෙට ගොඩ වුණ පලවෙනි දවස ද ???

      Delete
  5. මගෙං නං අවසර ගන්න ඕන නෑ බං..දිගටම කරන් පළයන් වෙලාවක් තියන වෙලාවක ඇවිත් යන්න එන්නං

    ReplyDelete
    Replies
    1. එල ,වෙලාව තියෙන විදිහට කොටන්න බලමු

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks