Thursday, March 13, 2014

වියරු වැටුණු පාලකයින් 
බුරණ බල්ලන් දඩයමේ 
අල්ලා කුදලා ගෙන චුත කර 
සිනාසෙමින් බාල් නැටුම්

පිපාසයට වතුර ඉල්ලන උන් ගේ 
කටවල් ගිරි  වලට 
බස්සන වෙඩි උණ්ඩ 
වැටුණු රත් ලේ උඩ කෙලි දෙලෙන්

කන්න විතරක් කට හොල්ලන්න
කියනා නිසාවෙන් 
කන්න නැති නිසාවෙන් 
කට වසාගෙනම හාමතේ 
පණ අදීන ජාතියක්

නිදිවැදියන් නොකියා කියන 
කද බඩ හිර වෙච්ච අමනයින් 
කන් වලට තද වෙන්න ගැහුවා ඇබ 
වසා ජාතික රෙදි පටියෙන් දෙඇස 
 

4 comments:

  1. //කන් වලට තද වෙන්න ගැහුවා ඇබ
    වසා ජාතික රෙදි පටියෙන් දෙඇස // +++++

    ReplyDelete
    Replies
    1. ඔක තමා දැන් වෙන්නෙ

      Delete
  2. කන්න විතරක්ම කට ඇරපන්. ඇස් පියාගෙනම ජීවත් වෙයන්. එතකොට හරි.

    ReplyDelete
    Replies
    1. දැන් එහෙම තමා ඉන්න කියලා තියෙන්නෙ ,එහෙම ඉන්න තිරණය කරා :(

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks