Sunday, February 16, 2014

කන්දක් විලි බරව කෑ ගැහුවට 
වදන්නෙ මී පැටියෙක් බව දන්නවා 
බොලව්

වදපු මී පැටියාව අරගෙන උඹලා ලඟ 
හිගා කන්න වෙන බවත් දන්නවා 
බොලව්

දෙන්න බැරි නම් නොදි ඉදපල්ලා 
මේ අමාරුවේන් වදපු මී පැටියව හැල්ලු නොකර 


රිදෙනවා පපු කැවුත්ත  හොදටම 
ගලවලා අතට ගන්න හිතෙන තරම් 


උනහපුලුවට උගේ පැටියා මැණිකක්ලු 
එහෙව් එකේ මම වදපු මී පැටියා මට වටිනවා 
මුළු හදින්ම 

ප.ලි 
මේ තියෙන්නෙ බොග ගැන නම් නොවෙය .කතාව නොතෙරෙ නම් කමක් නැත .

6 comments:

  1. පට්ටයිනේ..... සහතික ඇත්ත මචෝ

    ReplyDelete
    Replies
    1. නලින් අයියා යමක් දැනුනා නම් සතුටුයි ..මෙක තමා තත්ත්වය එපා වෙනවා වෙලාවකට

      Delete
  2. මරු.... ඇත්ත අනේ. අපේ දේ අපිට වටිනවා ඕං (කාට නැතත්) :)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම් ..බඩි කාට නැතත් අපිට අපේ දේ වටිනවා ..එක සම හරක්ට තෙරෙන්නෙ නෑනේ .. :)

      Delete
  3. ඔබ කියන්නේ කුමක්දැයි මට තේරුනා. ඇත්ත තමයි. ඒත් ඇයි හිඟන්න යන්නේ. මී පැටියාගේ දස්කම් දකින විට හැමෝම ඔබ වෙතට ඒවි. අපි හරියට අපේ වැඩේ කරනවානම් එච්චරයි මහත්තයො. අනික මී පැටිය කියන්නෙ විනෝදාංශෙනෙ. මී පැටිය බලන්න එන අය ආපුදෙන්.බිත්තියෙ කුරුටු ගාපු දෙන් .මම නම් ඒ ගැන හිතන්නෙම නෑ.. මගෙ මීයත් එහෙමට බලන්න එන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ..ඔබට කතාව තෙරිලා නෑ පුතේ ...මේ තියෙන්නෙ බොග ගැන නම් නෙවෙයි ...

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks