ඉර අවරට ගිය දා
සද මෝදුව නැග එන්නා
පිනි වැටිලා
මල් කැකුළත මෝදුව එන්නා
සිත හඩලා
කදුලත නෙත වැගිරෙන්නා
නුඹ නැති දා
සිත හඩලා ලතවෙන්නා ...
හිරු අහසේ ගිලි ගිහින්
සදු අඳුරේ ගිලි ගිහින්
නැනා නැති මගේ ලෝකෙ
ගන අඳුරේ ගිලි හිහින්
සිහින් දිගැටි වටකුරු
නුබෙ දෙනෙත අයා
සිටි නිබඳ මගේ
මුළු දෙනෙත පුරා
දහසක් දේ පවසයි
දෙබසින් නොදොඩා
කෙසේ හැර යම් ද
මා සිතුවද සැමදා ....
ප.ලි
මේ ටිකත් පුලුවන් නම් බලන්න
1
2
3
ගැලපෙන්නෙ නැති පද පෙලි තුනක් ..එක පාරම
Monday, December 30, 2013
Wednesday, December 25, 2013
සුදු මැණිකේට......
කෙහෙරැල්ලෙ සුව විදිනට
රන් ගොයමේ ඇවිදින්නට
දොලේ බැහැලා පිනන්නට
සුදු මැණිකේ උඹ එනව ද
හවස ට පන්සල් යන්නට
බුදුන් පුදා සැනසෙන්නට
නුඹත් එක්ක තනි වෙන්නට
සුදු මැණිකේ උඹ එනවා ද
ඉග නෙරියේ රැලි ගනින්න
පෙති ගොමර මල් දකින්න
පැලේ අදුර දුරු කරන්න
සුදු මැණිකේ උඹ එනවා ද
ප.ලි
මගේ ගුණ දොස් කියන මම නොදන්නා සහෝදරියට ....
රන් ගොයමේ ඇවිදින්නට
දොලේ බැහැලා පිනන්නට
සුදු මැණිකේ උඹ එනව ද
හවස ට පන්සල් යන්නට
බුදුන් පුදා සැනසෙන්නට
නුඹත් එක්ක තනි වෙන්නට
සුදු මැණිකේ උඹ එනවා ද
ඉග නෙරියේ රැලි ගනින්න
පෙති ගොමර මල් දකින්න
පැලේ අදුර දුරු කරන්න
සුදු මැණිකේ උඹ එනවා ද
ප.ලි
මගේ ගුණ දොස් කියන මම නොදන්නා සහෝදරියට ....
Sunday, December 22, 2013
මගේ අප්පචීලාට ....
ලබු කැටෙට වතුර අරන්
හේනේ පැලට යන
අබුඩ කෙටිය හිරට ඇදන්
ගිනියම් ඉර යට
ගොම්මන් වනතුරු අඳුරේ
මහා පොලොවට ඔට්ටු තියන
මගේ අප්පච්චී ...
උඹේ කරගැට මකාගන්න
වැඩිකල් තව නැත
උඹ හිටපන් අප්පච්චී
මම එන තුරු හේනට ..
කාසි ටිකක් මිට මොලවලා
අපේ ඉඩම් ටික ..
ගන්න හදන කද බඩ ලොකු
මුදලාලිලා රැල ..
මම එනතුරු හිටපන් තව
පුර පෝයක් අඩ ..
ඇවිත් ගසන්නම් වැට ඉනි
හේනේ සතර කොන ..
අකුරු කරලා කුමක් කරන්න ද
අසනා උන් දැක ...
මුනිවත රැක යමු අප්පච්චියේ
අපි අපේ ගමන දැක ...
උන්ට පෙනෙන්නට දවසක
ගමේ සතර කොන ...
උඹ දාගෙන යන්නෙමි මම
ලොකු දඬු මොණරෙකු මත ...
ප.ලි
දිග වැඩි උනත් කොටසක් අඩු කරේ නෑ .රටේ මේ වගේ ඉන්න සියලු අප්පචිලාට ....................#
හේනේ පැලට යන
අබුඩ කෙටිය හිරට ඇදන්
ගිනියම් ඉර යට
ගොම්මන් වනතුරු අඳුරේ
මහා පොලොවට ඔට්ටු තියන
මගේ අප්පච්චී ...
උඹේ කරගැට මකාගන්න
වැඩිකල් තව නැත
උඹ හිටපන් අප්පච්චී
මම එන තුරු හේනට ..
කාසි ටිකක් මිට මොලවලා
අපේ ඉඩම් ටික ..
ගන්න හදන කද බඩ ලොකු
මුදලාලිලා රැල ..
මම එනතුරු හිටපන් තව
පුර පෝයක් අඩ ..
ඇවිත් ගසන්නම් වැට ඉනි
හේනේ සතර කොන ..
අකුරු කරලා කුමක් කරන්න ද
අසනා උන් දැක ...
මුනිවත රැක යමු අප්පච්චියේ
අපි අපේ ගමන දැක ...
උන්ට පෙනෙන්නට දවසක
ගමේ සතර කොන ...
උඹ දාගෙන යන්නෙමි මම
ලොකු දඬු මොණරෙකු මත ...
ප.ලි
දිග වැඩි උනත් කොටසක් අඩු කරේ නෑ .රටේ මේ වගේ ඉන්න සියලු අප්පචිලාට ....................#
Tuesday, December 17, 2013
නුඹ වෙනුවෙන් ...

මා හදවත ගැස්සේ ..
නුබෙ සුසුමන් වැදි
මා මුනිවත රෑක්කේ ..
නිල්වන් දෙනෙත දැක
මා හදවත පිච්චේ ..
කෙසේ පවසමි ද
මා දැගිලි ගැන්නෙ ..
කියන්නට බොහෝ දේ ඇතමුත්
මා හඳ අස්සේ ..
ගුලි කර ගතිමි මම
නුබෙ ඔය සෙනෙහස මත්තෙ ..
මුව හසරැලි නගම්න් නුඹ
මා මත්තෙ ..
මිහිරි වදන් තෙපලයි
මා උර මත්තෙ ..
දැන් මුළු ලෝවම මා
දෙපතුල් අස්සේ ..
සිතෙයි එවිට පවසන්නට
නුබේ කන් පෙති අස්සේ ...
ප.ලි
තව දිගට ලිව්වා කියවන්න අමාරු නිසා අවසාන කොටස අයින් කරා ...
සැබැ කතාවක් නොවේ :D :D
Monday, December 16, 2013
පණ්ඩිත කම යනු .....
ලිවුවා සැමට තෙරෙන තරමට
කවි දෙකක් මම
වැඩක් නෑ කිව්වා සැම
හු හඩ සමඟ ...
ආයේ ලිවුවා කවි දෙකක් මම
නොතේරෙන ලෙස
අන් අයට
අපුරුයි කිවුවා සැම
ඔල්වරසන් සමඟ.....
කවි දෙකක් මම
වැඩක් නෑ කිව්වා සැම
හු හඩ සමඟ ...
ආයේ ලිවුවා කවි දෙකක් මම
නොතේරෙන ලෙස
අන් අයට
අපුරුයි කිවුවා සැම
ඔල්වරසන් සමඟ.....
Wednesday, December 11, 2013
වැසි දිනෙක විල්තෙරක හිද ......
විල කලඹ මහා හයියෙන්
හoසයන් රගති නුරා රැඟුමන්
ගෙරවිලි හඬද මහ හයියෙන්
කුමක් නම් වෙනස අවට
වැසි වසින්නට ලඟ බවට
ලකුණු ගෙන එයි අවට ...
වැසි වසි මහා හයියෙන්
මහා හඩින් ගොරව ගොරවා
මල් කැකුළු පිබිද
සුවඳ දෙයි මසිත
මත් කරවා ...
වැසි වසා විඩාබර අහස
වැසි වසි හෙමි හෙමින්
ගෙරවිලි හඩ නොමැත
පිනි පොදකි ඇද හැලෙන ...
වැසි දියෙන් පිරි ගිය
උතුරා යන විල් තෙර
කොද මල් තලා පොඩිකර
තෙමුණු හoසයින් විඩාපත්ව
වෙනදා මෙන්ම
රගා වෙහෙසට නුරා ....
හoසයන් රගති නුරා රැඟුමන්
ගෙරවිලි හඬද මහ හයියෙන්
කුමක් නම් වෙනස අවට
වැසි වසින්නට ලඟ බවට
ලකුණු ගෙන එයි අවට ...
වැසි වසි මහා හයියෙන්
මහා හඩින් ගොරව ගොරවා
මල් කැකුළු පිබිද
සුවඳ දෙයි මසිත
මත් කරවා ...
වැසි වසා විඩාබර අහස
වැසි වසි හෙමි හෙමින්
ගෙරවිලි හඩ නොමැත
පිනි පොදකි ඇද හැලෙන ...
වැසි දියෙන් පිරි ගිය
උතුරා යන විල් තෙර
කොද මල් තලා පොඩිකර
තෙමුණු හoසයින් විඩාපත්ව
වෙනදා මෙන්ම
රගා වෙහෙසට නුරා ....
Tuesday, December 10, 2013
සැමට සුව ගෙනෙයි මෙය ....
ගිලන් වු ගත සිතට
පුබුදුවා නිසි කලට
ගත් විට පදම රැක යසට
දැනෙනු ඇත සුව ඇග පතට
කොළ තබා දික් අතට
ගිනි තබා එය මුලට
පෙනෙයි සුර විමන් බට
දෙවු ලියන් මග දිගට
සුවඳ දෙයි දස අතින
බබරු එයි සැම මදහසින
නිහඩ බව සැම තැනම
අපුරුය මෙ රුක සැමට
මෙම රුකෙ අගයත්
එහි ඇති මනා සුවයත්
නොදන්නා ජනයන්
කුමක් නම් වනම් මෙමන්
Monday, December 9, 2013
සොඳුරු ගින්න ....
වසා දෙනුවන්
සිබිමි දෙකපුල්
ගොරහැඩි මා හද
චoචල කරමින
සොදුර නුඹ
රතු දෙතොලින්
අවුලවා මා හද ගිනි ...
මුදා මා දැහැණින්
බිද දමා සිල් පද සැනෙකින්
රතියේ සුව සොයමින්
තලා පොඩිකර දමා
නුබෙ සියුමැලි වත කමල
මා ......
සෙව්වා සුවය
නොනිදා පහන් වනතුරුම
හමුවුණේ නැත කිසිදා
මා සෙවු ඒ සුවය
නුබෙන් කිසිදා
මෙමා හට ......
සිබිමි දෙකපුල්
ගොරහැඩි මා හද
චoචල කරමින
සොදුර නුඹ
රතු දෙතොලින්
අවුලවා මා හද ගිනි ...
මුදා මා දැහැණින්
බිද දමා සිල් පද සැනෙකින්
රතියේ සුව සොයමින්
තලා පොඩිකර දමා
නුබෙ සියුමැලි වත කමල
මා ......
සෙව්වා සුවය
නොනිදා පහන් වනතුරුම
හමුවුණේ නැත කිසිදා
මා සෙවු ඒ සුවය
නුබෙන් කිසිදා
මෙමා හට ......
Thursday, December 5, 2013
වීදුරු කුඩුවෙ දුටු සිහිනය ...
අනිත් ඇයො සින්නක්කර ඇතිව අතේ
ගෙන යනු පෙනෙ මට ඇද කර හතර වටෙ
Blog ගෙපැලක් ඇට වුවද නුඹ නැතිව ලදේ
මගේ ලගට නුබ එන්නෙ කවදාද ලදේ
උකුලේ හොවා නුඹ සිටිනා විටදී ලදේ
දැනෙනා සතුට කෙලෙසක පවසම් ද ලදේ
Blog ගෙපැලත් අද අදුරුයි නුබ නැතිව ලදේ
වඩිනු මැනවි මගේ ලඟට අසුරු සැනේ
කුමක් කියුවත් තාමාත් වැඩක් නැතේ
මට තාමාත් සින්නක්කර උඹව නැතේ
හිත රිදෙනවා නුඹ දකිනා විටදි ලදේ
කුමක් කරන්නද පිච්චීය නැතිව අතේ
Monday, December 2, 2013
රජ සැප ...
රජ ගෙයි පිලිකන්නෙ
උන්ගේ මල රස බලනා
වන්දිබට්ටයින්
ඒ රසයෙන් මත් වී
උඩගු ඇස් විදා ගෙන
රගනා කෙලි සෙල්ලම් දැක
ඇවිලෙනවා හද තුල ගිනි
උන් රසට රට කනහැටි ....
රටට උන්නු මහා ඇදුරන්
හිස් අතගා -නලල් රැලි කර
රජුට විරුදා බදිනා කල
රජ ගෙයි බිම වාඩිවී....
රටට උන්නු මහා විරුවන්
දේශ ද්‍රෝහි වී හිරගෙට
නිතිය හකුලා පොඩිකර
ලිපට දාමා ගිනි තපින්න ...
දෙවියොත් රජ සම්පත් දැක
මාලිගයේ නැවතිලා ද
පෙලි සැදි දෙවොලට ඇදෙනා
මේ මිනිසුන් නොදකින්නට .....
උන්ගේ මල රස බලනා
වන්දිබට්ටයින්
ඒ රසයෙන් මත් වී
උඩගු ඇස් විදා ගෙන
රගනා කෙලි සෙල්ලම් දැක
ඇවිලෙනවා හද තුල ගිනි
උන් රසට රට කනහැටි ....
රටට උන්නු මහා ඇදුරන්
හිස් අතගා -නලල් රැලි කර
රජුට විරුදා බදිනා කල
රජ ගෙයි බිම වාඩිවී....
රටට උන්නු මහා විරුවන්
දේශ ද්‍රෝහි වී හිරගෙට
නිතිය හකුලා පොඩිකර
ලිපට දාමා ගිනි තපින්න ...
දෙවියොත් රජ සම්පත් දැක
මාලිගයේ නැවතිලා ද
පෙලි සැදි දෙවොලට ඇදෙනා
මේ මිනිසුන් නොදකින්නට .....
සැප කොහිද
හැදුවා ලොකු ගෙයක්
ගත්තා ලොකු ඇඳක්
නින්ද නෑ එනමුත්
පරණ මගේ ගෙපැල මෙන්
ණය බර වහලට බර වී
වැටෙද මා හිස මත්තට
Subscribe to:
Posts (Atom)