
මා හදවත ගැස්සේ ..
නුබෙ සුසුමන් වැදි
මා මුනිවත රෑක්කේ ..
නිල්වන් දෙනෙත දැක
මා හදවත පිච්චේ ..
කෙසේ පවසමි ද
මා දැගිලි ගැන්නෙ ..
කියන්නට බොහෝ දේ ඇතමුත්
මා හඳ අස්සේ ..
ගුලි කර ගතිමි මම
නුබෙ ඔය සෙනෙහස මත්තෙ ..
මුව හසරැලි නගම්න් නුඹ
මා මත්තෙ ..
මිහිරි වදන් තෙපලයි
මා උර මත්තෙ ..
දැන් මුළු ලෝවම මා
දෙපතුල් අස්සේ ..
සිතෙයි එවිට පවසන්නට
නුබේ කන් පෙති අස්සේ ...
ප.ලි
තව දිගට ලිව්වා කියවන්න අමාරු නිසා අවසාන කොටස අයින් කරා ...
සැබැ කතාවක් නොවේ :D :D
පෙරදා මා හැඩවූවත් ඔබ
ReplyDeleteඅද දින මා ළගින් සිටින සද
රිදවන්නට සිතෙයි ටිකක් මට
එහෙත් ගටක් නැතිය මට.....
ඔන්න කියවලා මට හිතුනු දේ
ඉතිරි ටිකත් දාපන්කො බන්
//නිල්වන් දෙනෙත දෙනෙත// කියන තැන පොඩි මිස්ෆයර් එකක් වගේ
එක හැදුවා මල් ..ස්තුතියි පෙන්නලා දුන්නාට හදිස්සියට කොටන නිසා..
Deleteඉතිරි ටික දන්නම් හැබැයි දැන්ම නෙවෙයි ..බොටත් හොදට ලියන්න පුලුවන් නේ ලියන්නෙ නැත්ද ලියපු එවා තියෙනවානම් ලින්ක් එක දන්න ..
වෙලාව තමයි අපි හැමෝටම හරස් වෙන්නේ...මන් ලියනවා දානවා මෙන්න මේකෙ.වෙලාවක ගිහින් බලන්න
Deletehttp://malmallk.blogspot.com/
බැලුවෙමි,කමෙන්ට් කෙරෙමි ..
Deleteතැන්කූ තැන්කූ...
Deleteහොඳ වේලාවට ඉතුරු ටික කිව්වේ නැත්තේ. නැතිනම් ඉතිං..... එක්කොත් ඕන නෑ.
ReplyDeleteමචං සමහර වචන ටික පොඩ්ඩක් බලපං. හදිස්සියට කෙටුව හින්දා වෙන්න ඇති අද එකේ පොඩි එහා මෙහා වෙලා තියනවා වචනයක් දෙකක්. ඒ මොනවා උණත් ගින්දර කවිය
මම වෙලාව තියෙන වෙලාවක බලන්නම් යක්ෂයා ..කතාව තෙරුණා නම් වචන ටිකක් හදා ගෙන බලන්න ...
Delete'පිච්චේ' කියන වචනෙ අවුල් ද මන්දා.
ReplyDeleteමම ඕවා වෙනම ලියාගෙන කොටන එවා නෙවෙයි.මට එ වෙලාවෙ 'පිච්චෙ 'කියන වචනය තමයි ඔලුවට ආවේ.මම ඒ වෙලාවට දැනුනු දේ මවා ගෙන කොටනවා .
Deleteහැබැයි ඔය හදවත පිච්චෙන කතාව කොල්ලෙක් නම් අනුමත කරයි මම හිතන්නෙ .අහලා බලන්න,හොද වචනයක් තියෙනවා නම් කියන්න
නිසඳැස් ආකෘතිය ගැන වැඩිය මෙව්වා එකක් නැතිඋනත් සුබපතනවා ..තව ලස්සන නිර්මාණ ඉස්සරහට කරන්න ලැබේවා !!
ReplyDeleteපිලිගන්නවා මුලින්ම කසුන්....
Deleteමම ඔය දෙවල් ගැනත් වැඩි දැනිමක් නෑ ...ඔය ලියවෙන එවා මේ බොගියට දාන්නෙ ...