Sunday, December 22, 2013

මගේ අප්පචීලාට ....

ලබු කැටෙට වතුර අරන් 
හේනේ පැලට යන
අබුඩ කෙටිය හිරට ඇදන් 
ගිනියම් ඉර යට 
ගොම්මන් වනතුරු අඳුරේ
මහා පොලොවට ඔට්ටු තියන 
මගේ අප්පච්චී ...

උඹේ කරගැට මකාගන්න 
වැඩිකල්    තව     නැත 
උඹ   හිටපන්   අප්පච්චී 
මම එන තුරු     හේනට ..  

කාසි ටිකක් මිට මොලවලා 
අපේ ඉඩම් ටික ..
ගන්න හදන කද බඩ ලොකු 
මුදලාලිලා රැල ..
මම  එනතුරු  හිටපන්  තව 
පුර පෝයක් අඩ ..
ඇවිත් ගසන්නම් වැට ඉනි 
හේනේ සතර කොන ..

අකුරු කරලා කුමක් කරන්න ද 
අසනා උන් දැක ...
මුනිවත  රැක යමු  අප්පච්චියේ 
අපි අපේ ගමන දැක ...
උන්ට පෙනෙන්නට දවසක 
ගමේ සතර කොන ...
උඹ දාගෙන යන්නෙමි මම 
ලොකු දඬු මොණරෙකු මත ...

ප.ලි 
දිග වැඩි උනත් කොටසක් අඩු කරේ නෑ .රටේ මේ වගේ ඉන්න සියලු අප්පචිලාට ....................# 



 
 

10 comments:

  1. //////උඹේ කරගැට මකාගන්න
    වැඩිකල් තව නැත
    උඹ හිටපන් අප්පච්චී
    මම එන තුරු හේනට .. /////////
    මේක අද වෙන්නේ නැහැනේ මල්ලියෝ

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි මම මෙතන කියන්න හැදුවෙ ඔය පෙන හෙනට වඩා මම කියන්න හැදුවෙ පවුලේ බර අප්පච්චිගෙන් නිදහස් කර ගන්නවා වගේ දෙයක් ..

      Delete
  2. තුන් තිස් පැයේම දකින හීනයක්. වැදුනා සහෝ බොක්කටම

    ReplyDelete
    Replies
    1. පොදුවේ හැමෝම ගැන හිතලා ලිව්වෙ ..යමක් දැනුනා නම් මට සතුටුයි ...මොකද මම හිතන විදිහට මෙක අපේ ගොඩක් අයගේ හීනයක් ...

      Delete
  3. ඒ පැතුම් සඵල වේවා!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නෙ මෙක මගේ පැතුමකට වඩා ගොඩක් අයගේ පැතුමක් විදිහටයි..

      Delete
  4. දිග වැඩිකමක් නෑ බං...
    අම්මාවරුන් විතරද මතු බුදුවන්නේ කියන සින්දුව මතක් උනා

    ReplyDelete
    Replies
    1. අම්මා විතරක් නෙවෙයි නේ ,අපිට වැඩිය පෙනෙන්නෙ නැති වුනත් තාත්තා තමයි ගෙදර මෙහෙයවන කප්පිත්තා ..යමක් දැනුනා නම් සතුටුයි

      Delete
  5. තාත්තා කෙනෙක් ගැන නියම තක්සේරුව දෙන්න පුළුවන් තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන. ඒ ගැන කුමට කතාද?

    ReplyDelete
    Replies
    1. ඒ ගැන මම දන්නෙ නෑ ඇත්තටම ,එත් තාත්තලා ගෙවල් ගොඩ ගන්න විදින දුක් කඳුළු ගැන නම් දන්නවා ,ඇත්ත තාත්තා කෙනෙක් උන දාට තෙරෙනු ඇත .

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks