Thursday, December 5, 2013

වීදුරු කුඩුවෙ දුටු සිහිනය ...

අනිත් ඇයො  සින්නක්කර ඇතිව         අතේ 
ගෙන යනු පෙනෙ මට ඇද කර හතර    වටෙ 
Blog  ගෙපැලක් ඇට වුවද නුඹ නැතිව  ලදේ 
මගේ ලගට නුබ එන්නෙ කවදාද          ලදේ 

උකුලේ හොවා නුඹ සිටිනා විටදී          ලදේ 
දැනෙනා සතුට කෙලෙසක පවසම් ද      ලදේ  
Blog ගෙපැලත් අද අදුරුයි නුබ නැතිව   ලදේ 
වඩිනු මැනවි මගේ ලඟට අසුරු          සැනේ 

කුමක් කියුවත් තාමාත් වැඩක්            නැතේ
මට තාමාත් සින්නක්කර උඹව           නැතේ 
හිත රිදෙනවා නුඹ දකිනා විටදි            ලදේ 
කුමක් කරන්නද  පිච්චීය නැතිව           අතේ 
  

10 comments:

  1. ඇතිමුත් සැමට ලැප්ටොප් උකුල උඩ....
    උන් සැමටම නැතා බ්ලොග් ගෙපැල් හැඩ.......

    නුබගේ කව් රසයි මල්ලියෙ හැම දාම.....
    ඉවසනු ලැබෙයි දවසක ලැප් කුමරි තෙම.....

    ReplyDelete
    Replies
    1. ඉවසා ලැබෙන දෙය වටිනා බව දනිමි
      ගනු හැකි වෙන තුරා පෙර මo බලා ඉමි ....

      Delete
  2. අපූරුයි සහෝ. ඉක්මනටම ලැපකට ට්‍රයි කරමු.

    ReplyDelete
    Replies
    1. තමන්ගෙ කියලා කම්පියුටර් එකක් නැතුව බ්ලොග් කුරුටු ගාන එකම කෙනා මම් ද මoදා
      :( :(

      Delete
  3. ඉතින් මම කුරුටු ගාන්නෙත් මගේ ම නොවන වීදුරු පෙට්ටියකින් තමා :D

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ තව කෙනෙක් :) :)
      මට මගේම නොවන එකක් නෑ කියන්නත් බෑ ..තියෙනවා කියන්නත් බෑ

      Delete
  4. බ්ලොග් ලියන්න ලැප් එකක් ඕනේ නෑ බන්. ඉගෙන ගන්න දේකට ඕනේ නම් විතරක් ට්‍රයි කරපන්. මටත් තිබබා යාලුවන්ගේ ලැප් දිහා බලන් සුසුම් හෙළපු කාලයක්

    ReplyDelete
    Replies
    1. ම්ම්ම් ..එක ඇත්ත යකා ..ට්‍රයි කරලා බලමු ..තව්ම සුසුම් හෙලනව ,,

      Delete
  5. හ්ම්ම්ම් කවී ටික නම් එල...

    ReplyDelete
    Replies
    1. පිලි ගන්නවා කොල්ලො ..
      .ස්තුතියි...

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks