Monday, December 9, 2013

සොඳුරු ගින්න ....

වසා දෙනුවන් 
සිබිමි දෙකපුල් 
ගොරහැඩි මා හද
oචල කරමින 
සොදුර නුඹ
රතු දෙතොලින් 
අවුලවා මා හද ගිනි ...

මුදා මා දැහැණින් 
බිද දමා සිල් පද සැනෙකින් 
රතියේ සුව සොයමින් 
තලා පොඩිකර දමා 
නුබෙ සියුමැලි වත කමල 
මා ......

සෙව්වා සුවය 
නොනිදා පහන් වනතුරුම 
හමුවුණේ නැත කිසිදා 
මා සෙවු ඒ සුවය 
නුබෙන් කිසිදා 
මෙමා හට ......



6 comments:

  1. ඒ උණාට ආයෙමත් සැරයක් හොයන්න ආස හිතුණේ නැද්ද තියනවාද කියලා

    ReplyDelete
    Replies
    1. නින්ද යන්නෙ නැත්නම් කොට්ටෙ මාරු කරන්න කියලා කතාවක් අහලා නැතෙයි ..
      :D

      Delete
  2. හෙව්වට ඇයි හොයපු දේ හම්බෙලා නැත්තේ.....???

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා ....තවම හම්බ වුනේ නෑ ...

      Delete
  3. Replies
    1. පිලිගන්නවා තුෂාරි මුලින්ම ..
      මමත් හරියට දන්නෙ නෑ හිතලා ලිව්වෙ..දන්න අය හරි කියනවා නම් හරි වෙන්න ඇති ..

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks