කෙහෙරැල්ලෙ සුව විදිනට
රන් ගොයමේ ඇවිදින්නට
දොලේ බැහැලා පිනන්නට
සුදු මැණිකේ උඹ එනව ද
හවස ට පන්සල් යන්නට
බුදුන් පුදා සැනසෙන්නට
නුඹත් එක්ක තනි වෙන්නට
සුදු මැණිකේ උඹ එනවා ද
ඉග නෙරියේ රැලි ගනින්න
පෙති ගොමර මල් දකින්න
පැලේ අදුර දුරු කරන්න
සුදු මැණිකේ උඹ එනවා ද
ප.ලි
මගේ ගුණ දොස් කියන මම නොදන්නා සහෝදරියට ....
ආවොත් අපටත් කියන්ට හොඳේ :)))
ReplyDeleteඅනිවා කියනවා :)))
Deleteharima lassanay..
ReplyDeleteබොගොම ස්තුතියි තුෂාරි ..
Deleteසුදු මැණිකේව මතක් කරා කියාහං. මේ විදියට එන්න කිව්වොත් නම් නෑවිත් ඉන්නේ නෑ. අනිවා එනවා
ReplyDeleteමේ විදිහට හරි කියලා බලන්න හිතුනා ,,හික් හික්
Deleteඑන දාට අපිටත් කියන්නකෝ අපිත් එන්නං එදාට....
ReplyDeleteඅනිවා කියනවා නලින් අයියේ ..
Delete