Wednesday, December 11, 2013

වැසි දිනෙක විල්තෙරක හිද ......

විල කලඹ මහා හයියෙන් 
හoසයන් රගති නුරා රැඟුමන් 
ගෙරවිලි හඬද මහ හයියෙන් 
කුමක් නම් වෙනස  අවට 
වැසි වසින්නට ලඟ බවට 
ලකුණු ගෙන එයි අවට ...

වැසි වසි මහා හයියෙන් 
මහා හඩින් ගොරව ගොරවා 
මල් කැකුළු පිබිද
සුවඳ දෙයි මසිත 
මත් කරවා ...

වැසි වසා විඩාබර අහස 
වැසි වසි හෙමි හෙමින් 
ගෙරවිලි හඩ නොමැත 
පිනි පොදකි ඇද හැලෙන ...

වැසි දියෙන් පිරි ගිය 
උතුරා යන විල් තෙර 
කොද මල් තලා පොඩිකර 
තෙමුණු හoසයින් විඩාපත්ව 
වෙනදා මෙන්ම 
රගා වෙහෙසට නුරා .... 

18 comments:

  1. //ලස්සනයි විල කලඹ මහා හයියෙන්
    හoසයන් රගති නුරා රැඟුමන් //

    ReplyDelete
  2. අනේ මන්දා මට නම් කියන්න වචන නෑ, මේකේ තේරුම ගැන නම්. සුපිරි කියන්නේ ආයේ සුපිරිම සුපිරි. අසික්කිතම කතාවක් ඇඟට නොදැනී ලියලා තියනවනේ

    ReplyDelete
    Replies
    1. යකා මේකේ මොකක්ද අසික්කිත :D :D ...මේ වැස්සක් නිසා විල උතුරලා යන කතාවක් තියෙන්නෙ ..මෙක පොඩි ළමයින්ට ලියපු එකක් ....අවුලක් නැනෙ දන්නො දනිති ...

      Delete
  3. හ්ම්ම් එකත් එහෙමයි...

    ReplyDelete
    Replies
    1. @ Ayilas පිලි ගන්නවා ...
      මෙහෙම තමයි වහින කොට ....එක එහෙමයි...

      Delete
  4. දන්නෝ දනිති මුල් අකුරේ කතන්දරේ……

    පවු සහෝ හංසයෝ

    ReplyDelete
    Replies
    1. ප්‍රියා මොකද හoසයෝ ගැන අනුකම්පාවක් ..ඔක ප්‍රියා ස්භාවය ....

      Delete
  5. මම වගේ කෙනකුට තේරුම් නොගියායි කිවොත් එය මුසාවක්.
    සදාචාරාත්මකව කියවා රස විදිය හැකි පට්ට කුණු හබ්බයක්.
    ලෙසටම නිර්මාණය පට්ට එකෙත් පට්ට එක.
    මේක මාටහලන් ලොක්කගේ සින්ඩියේ එල්ලාපන් පුත්‍රයා.

    ReplyDelete
    Replies
    1. මොනවා කියන්න ද කෙන්ජි තුමා ..මෙක තෙරෙන්නෙ එහෙමත් කස්ටියකට එක නිසා මම හිතන්නෙ අවුලක් නෑ

      Delete
    2. අනේ මන්දා මොනව ලියලද කියලා , මට නං තේරුන්නැ ,

      Delete
    3. අටම් අයියේ හොදට පාඩුවේ කියවලා බලන්න හොදටම තෙරෙයි ...:D :D
      ඒ බැරි නම් කෙන්ජි මාමා ගෙන් අහන්න කියලා දෙයි ...

      Delete
  6. මාත් කියන්නමයි හිටියෙ කලිනුත් කිවුවද මන්දා.
    බ්ලොගේ මාතලන් අයියගෙ සින්ඩියෙ එල්ලහන් සහෝ.

    ReplyDelete
    Replies
    1. මෙවා දලා රෙදි නැතුව තමා ඉන්න වෙන්නෙ ..හොද දෙවල් ලියන දවසක එල්ලමු

      Delete
    2. මොකද මොකුත් කියන්න නැතෙයි ....:D :D

      Delete
  7. හප්පොත්ති අම්මේ....... කුණුහලුපයක් උනත් නොකියා කියලා තියන ලස්සන........මරු හොදේ....

    ReplyDelete
    Replies
    1. මෙවා කුණුහලුප නෙවෙයි මල් මල් ..:D :D
      ස්තුතියි...

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks