උඹ මගේ ලොකු පුතා කියා හිස අත ගෑ            අම්මා 
දිවි ගo තෙර එතෙර වන්න දිරි දුන් මගේ           අම්මා 
දෙතනේ කිරි ලෝභ නැතුව මට දුන් මගේ         අම්මා  
කවදා ගෙවමී දැයි නොදනිමී නුබෙ ණය මගේ   අම්මා
වැටෙන වැටෙන හැම මොහොතම  මා එසැවු   අම්මා
ඇසට හොරෙන් කඳුළු ලොවට හැන්ගූ මගේ     අම්මා
දිවි කතරට ඇද හැලේනා මහා වැස්සකි             අම්මා 
ලොව සැමටම උඩින් ඉන්න රැජිනකි  මගේ      අම්මා 
දිවි මහා මෙර ගෙන හිස මත දුක් ඉහිලු           අම්මා
වෙහෙරේ දිලෙන කිරි සුදු මිනි පලගකි නුබ    අම්මා 
බෝ සමිඳුන් ලඟ දැනෙනා සුවයයි නුඹ           අම්මා 
නුඹ මතු දා බුදු වන බව පෙන්නු මගේ            අම්මා 
දර ලිප මත දිව්‍ය බොජුන් සෑදූ මගේ                අම්මා 
ලෝභ නැතුව හැම දෙයක්ම පුජා කල              අම්මා 
පොහො දිනට සිල් ගන්නට  නොගියත් නුඹ    අම්මා 
සැමදා නුඹ ලඟ හැමුවේ  සිල් සුවඳයි මගේ      අම්මා 
කළු ගo දිය තලා ගියේ හෙළු කදුළැලි              අම්මා 
මහා මුහුදේ රළ නැගුණේ නුබේ දහදිය           අම්මා  
මුදු සුළගේ පිස හැමුවේ නුබේ සෙනහස් සුව    අම්මා   
බුදු සිරිපා දැක නමදිනු මෙන් නමදිමි මගේ       අම්මා  
 සටහන...
බොහෝ කාලයක් අම්මා ගැන පද ටිකක් එකතු කරන්න මහන්සි උනා,කිසිම අදහසක් අවේ නෑ බස් හොල්ට් වල,බස් එකෙ එන ගමන් හිතන්න වුනා අන්තිමේදී මතක් වෙන පද කොළයක ලියන්න වුණා. පලවෙනි වතාවට කොළයක ලිවු කවි මේ.බොගොයට නොදාන්න හිතුවත් අවසාන යේ..........
මට තේරුණු දෙයක් නම් අම්මා ගැන පද ගලපන එක කොච්චර අමාරුද කියලා.අනිත් ඔය ලියපු හැම දෙයක්ම ලිව්වෙ විනාඩි 15-20 ක් වගේ ඇතුළත මොනිටරය දිහා බලාන  එත් මේ පද ගලපන්න මට සති දෙකක් ගියා ,එත් මගේ හිත කියන්නෙ මේත් අසම්පූර්ණයි  කියලා ...

බරපතල නොවී සිතුවානම් තවත් සාර්ථක කරගන්න තිබුනා. ව්‍යායාමය හොදයි. ඒ අභ්‍යාසය වටිනවා.
ReplyDeleteපොඩි කාලේ රන්ඩු වෙලා බත් කන විට මේම්මා
ඒ පත් පත අඩු නොවෙනට වැංජනේ දැම්මා
මං කාලා සතුටු වෙලා ගිය විටදී නිම්මා
චැංජනත් මුකුත් නැතිව බත් කට කයි අම්මා
ඇත්ත .අම්මා ගැන ලියන එක ගැන මම ගොඩක් හිතුවා මොනවාද ලියන්නෙ කියලා අදහසක් තිබුණේ නෑ...
Deleteදේශකටත් හොදට පද ගලපන්න පුළුවන් නෙව ,ලිව්වෙ නෑ කවි එහෙම
කවි ටික නම් අපූරු යි. ‘සටහන‘ ඇත්ත. කොච්චර උත්සහ කළත් සම්පූර්ණයෙන් ඒ දේ කරන්න බෑ.
ReplyDeleteස්තුතියි දිලිනි
Deleteමගේ හිතට මේ තව මදි ,හරියට අම්මා ගැන කියවිලා නෑ වගේ තවමත් ...අවසානයේ තේරුණා අම්මා කියන්නෙ එක නිසා කියලා ..
කොච්චර ලියවුනත් හිතට මදි තමයි ඇත්තටම
ReplyDeleteයක්ෂයා,මම හිතාගෙන හිටියේ අම්මා ගැන පද ගලපන එකත් වෙනදා ලියන විකාර වගේ පොඩි වේලාවකින් කරන්න පුලුවන් වෙයි කියලා එත් අම්මා ගැන එහෙම ලියන්න බෑ කියලා තෙරුණා ,කොච්චර ලිව්වත් මදි ...
Deleteකොහොම ලියුවත් මොනවා ලියුවත් ලියන්නේ අම්මා ගැන නම් ඒ ලියන දේ සම්පුර්ණයි වගේම රසවත් හරියට අම්මා හදන බත් එක වගේ මොනවා අඩු වුනත් ගුණයි වගේම රසවත්..
ReplyDeleteමම හිතන්නෙ පද ගලප ගන්න අමාරුම මාතෘකාව තමා අම්මා .....
Deleteඅම්මා හදන බත් එක වගේ මොනවා අඩු වුනත් ගුණයි වගේම රසවත්.///
මේ කතාව නම් සහතික ඇත්ත ....
කවි පන්තිය හරිම අපූරුයි. ඔබට පිං...තෙරුවන් සරණයි....!!!
ReplyDelete