මා හැර දා
නිසලව නුඹ
සිතල දෙඅත් ගුලිකොට
යන්න යනු තනියම
මෙතුවක් අප ආ දුර
නුඹ මා තනිකර දමා
පාළු කතරක ....
ඇසිපිය සලා කුමකටද
නුඹ තවමත් මහද තුල
කෙලි දෙලෙන් රගනු
පෙනේ මට නිතර ...
සුදු ගවුම ඇද
මනාලියක වී නුඹ
ආ එ දවස
මා දෙඅත් අතරට
අදත් නුඹ
සුදු වතින් සැරසි
යනු කිනම් ගමනක් ද
මා දෙඅත අතහැර ..
සොදුර
කියා දෙමි මතු දිනෙක
නුඹ මා ගෙවු දිවි පෙවෙත
ජෙත්තුකාර දරුවනට..
ඉතින් යම් මතු දිනෙක
මා ද පැමිණේවී
නුබේ තනි මකන්නට
එතෙක් ඉවසා
නුඹට හිටි හැකිද
මා සොදුර .....
great one..
ReplyDeleteතැන්කු
Deleteහොදයි නේ...
ReplyDeleteස්තුතියි දේශක තුමා ,කාලෙකට කලින් ලියවුණු එකක්
Deleteහැමෝගෙම අන්තිම උරුමය....
ReplyDeleteඒ අන්තිම උරුමයට එක එක පුද්ගලයා මුහුණ දෙන විදිහ වෙනස් නේ ,මට මේ කතාව දැක්කාම පුදුම හිතුනා ..
Deleteහ්ම්ම්ම් කවදා හරි වෙන් වෙනවා නම් වෙන් වෙන්නේ මෙහෙමයි කියලා හිතපු අයත් ඉන්නවානේ ඇත්තමට. සිරා මචෝ මේක
ReplyDeleteස්තුතියි යක්ෂයෝ ..
Deleteජිවිතෙන් ලඟම වෙන් වෙන එක දරා ගන්න එක තමා ලොකුම දේ ,හැබැයි ඒ දේ හොද ඉවසීමෙන් දකින අයත් ඉන්නවා