මේක ද අපේ ජීවිතේ 
අතේ තියන් මධුවිතේ
කන්නට පිච්චිය නෑ අතේ 
එත් 
බොනවා අපි සිතු ලෙසේ 
බඩ ඇලිලා දැන් පිට පොතේ 
එත් ඉන්නෙ අතල් එකේ 
දරු පවුලත් දැන් හාමතේ
එත් 
අපි නම් ෆුල් ෆන් එකේ 
හරකුන් දැන් රට වටේ 
ඇන,උලා කමින් තණ ඇටේ 
කෙවිට ඇත්තේ අපේ අතේ 
අපි 
ඔසවමු උන් රැළ වටේ 
දූපත දැන් උන් අතේ 
උන් සිතා ඉන්නෙ ඒ ලෙසේ 
අපේ උන් ගේ නෑ මොලේ 
නවා දෙන්නෙ උන්ටම මතේ 
සැමදා තද කර අපි පටි 
ගෙවනා ජීවිත හරි ජොලි 
උන් මඩි තද කර ගනී  
අපි
කට හැරගෙන තවමත් බුදි 
සැමදා මේ ලෙස ඉවසමු    ද
ඉවසලා ඉවසලා තව මදි    ද 
සීමා ඉර තව පැන නැති      ද 
තව සිහලුන් අද මෙහි නැති ද  
සටහන ...
මම කිසිදු පාර්ශ්වයකට අපහාස හෝ වෙන යම් පුද්ගලයන් ඉලක්ක නොකර ලියන ලද්දකි... 

ජාතික ගීය බං ජාතික ගීය
ReplyDeleteහෑ ...මොකක්ද ජාතික ගිය ...හැක් හැක්
Delete//සැමදා තද කර අපි පටි
ReplyDeleteගෙවනා ජීවිත හරි ජොලි
උන් මඩි තද කර ගනී
අපි කට හැරගෙන තවමත් බුදි // ඇහැරවන්න ද ලිව්වේ?
ඇහැරවන්න ද ලිව්වේ?////////////
Deleteඅනේ නෑ ,අනිත් අයගේ නිදහසට බදා කරන්න හොද නෑ නෙවැ..
ඒත් එකෙක් හරි ඇහැරෙයි නෙව... එතකොට ඌත් පුලුවං දෙයක් කරයි නෙව
ReplyDeleteඑහෙම හිතමු වෙන විදිහක් නෑ දැන්
Delete