මදටිය පැහැය ගුලිකොට බැස යන එළිය
අඩුකර අවට වනපෙතෙහි මද එළිය
ගුණයා සමඟ මා ගස මුදුනට නැගිය
හබරා සමග බණ්ඩා තවමත් හෙනේ වටපිටය
කුරහන් තලප හා දඩමස් කෑ පසුව
ඇගට දැනුනු වෙහෙසත් දැන් නැති හැඩය
ලබු කැටයෙන් රා බී ගෙන ඇති සැටිය
හෙන දෙස දැස් යොමා අපි බස් කෙලිය
හබරා සමග බණ්ඩා හෙනේ සතර කොන
හු තලමින් ඇවිදියි ගිනිබට දෑතට රැගෙන
ගුණයා දමයි දරකොට මැලයට දළු නැඟෙන
මම තවමත් කර බාගෙන හිද ගෙනය
නාඹර ඉරිගු මල් වල සුවඳ සතර කොන
ගෙන එයි මසිත පිනවා මුදු සුළං පිස
මේ එන්නේ මිනිසුන් හෙළු දහදිය සුවඳ
කෙසේ තබම් හෙට්ටුව මේ රන් කරලකට
පුර හඳ මෝරා ඇවිදින් නිල් වන් අහස් කුස මත්තෙ
හොදින් පෙනෙ හෙනේ සතර කොණ පැල මත්තේ
ඇසුණි ඉරිඟු ගස් බිඳගෙන කෙනෙකුන් යන සද්දෙ
හබරා සමඟ බණ්ඩා ගිණි බඩ දෑතට ගත්තේ
වටකොට බැලිය සද්දය එන පැත්ත
ඊරියක හා පැටවුන් තිදෙනකු රොත්ත
බණ්ඩා සමඟ හබරා ගිනිබට එල්ල
මනා සිටි ඊරියගේ හිස කොදු ගෙන එල්ල
පුර පෝයත් ගෙවී තවමත් වරු දෙක තුනය
මම සන් කරෙමී බණ්ඩා වෙඩි නොතියන ලෙසය
එසැනින් නැගුන හබරා ගේ ගිනි බට හෙණය
ඊරිය සමග පැටවුන් දුවයි හෙනත් බිද ගෙන ය
දිව ගිය ඊරිය හෙනේ කොනක කැපූ
වලකට වැටි ගොඩ එනු බැරි මරහඩ නගනු
බණ්ඩා ලොකු ගලක් ගෙන හිස මත ඔසවනු
එසැනින් දැමින ඊරිය හිස මත කුඩු වෙනු
සටහන
හෙනක සිදුවූ සත්‍ය කතාවක් පාදක කොට ගත්තෙමී .........
කුමාරගම ගෙ කවි මතක් වුණා... ලියමු ලියමු සහෝ!
ReplyDeleteමම නම් කවි ගැන ගොඩක් දන්න කෙනෙක් නෙවෙයි ...එත් දන්න විදිහට ලියමු
Deleteහ්ම්.. දක්ෂ විදියට ලියා ඇත..
ReplyDeleteස්තුතියි...ඔබ සහ ඔමා අක්කා දෙදෙනා තමා මම විකාර ලියන බව මතක් කරේ ...
Deleteටිකක් හිතලා ලියන්න කියලා මතක් කරපු එකට දෙන්නටම ස්තුතියි......
පට්ට යි නේ මචෝ මේ කවි කතාව...
ReplyDeleteස්තුතියි නලින් අයියේ ,ටිකක් වෙනස් එකක් ලියන්න හිතුණා...
Deleteසිංහල පාඩම් පොතේ කතාවක් තිබබා දඩයමේ ගිහින් මං කඩක් ගාව රැක ගෙන ඉන්න එකක්. මට ඒක ගත්ත පොත මතක නෑ. ඒකෙන් අපිව ගෙන ගියපු ලෝකෙටම ගෙනිච්චා. නියමයි කියන්නේ ආයේ සුපිරි
ReplyDeleteස්තුතියි යක්ෂයා .පිස්සු ලියපු මාව අවදි කරේ දේශක & ඔමා ...
Deleteමම වැඩිය සිංහල කවි පාරිශිලනය කරලා නෑ.එත් අත්දැකීම් නිසා ලිව්වා ...