Tuesday, April 29, 2014

දිය බිඳ.........

තෙර නොපෙනෙන 
ඝන දියබේ 
කුඹගස නැති නෞකාවේ 
අතරමංව-මංමුළාව 
මග හසරක් නොදකිනා 
විඩාබරව -සංකාව ගුලිකොට 
සොයා ඇදේමි දිය දෝතක් 
මහ ජල කද මැදක හිද 
ගන්නට පහස නිවන 
දිය දෝතක් මුවගට 

14 comments:

  1. මීට ටිකක් සමාන එකක් අද කොතැනදී හෝ කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. දේශක බොගියක නම් ලින්කුව දෙන්න ,මෙක මං එහෙම දැකලා ලිව්ව එකක් නම් නෙවෙයි...

      Delete
  2. කෙසේ සොයම්දේ පවස නිවන දිය දෝතක්
    මහ කරදිය සයුරු ගැබෙන්..

    ReplyDelete
  3. මුළු ජීවිතේම කියන්නේ ඉතින් දිය පොදක් හොයාගෙන ඇවිදන් යන ගමනක් තමයි ඉතින්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් දිනේෂ්..අපි යන්නෙ එහෙම ගමනක් තමා

      Delete
  4. දිවියක නම් ඉම පෙනෙනවා මරණයේදී වත් ඉමක් නොපෙනෙන සංසාරේ ෆිටක් නෑ තමා මේ ගමන කුඹ ගස නැති නැවක් වගේ..යන තැන කියන්න බෑ කලින්.. ඉතින් දම් පොදකින් වේවි නිවන

    ReplyDelete
    Replies
    1. නියමයි ෂැගියා කියන්න ඕනම දේ කියලා තියෙන්නෙ නියිමෙටම

      Delete
  5. අදනේ මේපැත්තට අාවේ ඔන්න රාේලට දාගත්තා....

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. මෙක සින්ඩි වල නෑ ,ගොඩක් අය දන්නෙ නෑ

      Delete
  6. සහෝදර තුමාගේ කවි සිතුවිලි නං අපූරුයි ඇ, අදද කොහෙද මේ පැත්තට ආවේ මයේ හිතේ එහෙනං ජය වේවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි..
      තුමා කැලි වැඩක් නෑ ඕන් ...මුලින්ම කිව්වා මෙක සින්ඩි වල නෑ එක නිසා තමා මං හිතන්නෙ දන්නෙ නැත්තෙ ...එකට මොකද එල්ලිලා ඉමු දිගටම ...

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks