Thursday, November 21, 2013

අපට අහිමි අපේ ජිවිත

රූප පෙට්ටියෙන් කියන දේ කන බොන 
මුදලාලි දෙන දේ ගෙන යන 
අපේ ජිවිත ...
උදෑසන ඔපිසියට යන 
බල්බයෙන් හිරු දකින පoකාවෙන් සුළං හමන 
අපේ ජිවිත ...
පඩියට මාසයක් ඇගිලි ගනින 
පඩියෙන් භාගයක් ගත් ණයට කැපෙන 
අපේ ජිවිත ...
සතුටක් නැති දුකකුත් නැති
ගතියක් නැති  ඔහේ ගෙවෙන 
අපට අහිමි අපේ ජිවිත ය .............

2 comments:

  1. ඇත්තම තමා. මෙහෙම නේ අපේ ජීවිත ගෙවෙන්නෙ.

    ReplyDelete
  2. අපේ ජිවිතේ ඔහේ ගෙවෙනනේ කියලා වෙලාවකට හිතෙනවා..ඒ ගැන හිතන කොටත් දුකයි ...
    ස්තූතියි chandi මේ පැත්තට ආවට.....

    ReplyDelete

හිතෙන දේ ලියන්න

Blogger Tricks