Sunday, February 16, 2014

කන්දක් විලි බරව කෑ ගැහුවට 
වදන්නෙ මී පැටියෙක් බව දන්නවා 
බොලව්

වදපු මී පැටියාව අරගෙන උඹලා ලඟ 
හිගා කන්න වෙන බවත් දන්නවා 
බොලව්

දෙන්න බැරි නම් නොදි ඉදපල්ලා 
මේ අමාරුවේන් වදපු මී පැටියව හැල්ලු නොකර 


රිදෙනවා පපු කැවුත්ත  හොදටම 
ගලවලා අතට ගන්න හිතෙන තරම් 


උනහපුලුවට උගේ පැටියා මැණිකක්ලු 
එහෙව් එකේ මම වදපු මී පැටියා මට වටිනවා 
මුළු හදින්ම 

ප.ලි 
මේ තියෙන්නෙ බොග ගැන නම් නොවෙය .කතාව නොතෙරෙ නම් කමක් නැත .
Blogger Tricks