වියරු වැටුණු පාලකයින්
බුරණ බල්ලන් දඩයමේ
අල්ලා කුදලා ගෙන චුත කර
සිනාසෙමින් බාල් නැටුම්
පිපාසයට වතුර ඉල්ලන උන් ගේ
කටවල් ගිරි වලට
බස්සන වෙඩි උණ්ඩ
වැටුණු රත් ලේ උඩ කෙලි දෙලෙන්
කන්න විතරක් කට හොල්ලන්න
කියනා නිසාවෙන්
කන්න නැති නිසාවෙන්
කට වසාගෙනම හාමතේ
පණ අදීන ජාතියක්
නිදිවැදියන් නොකියා කියන
කද බඩ හිර වෙච්ච අමනයින්
කන් වලට තද වෙන්න ගැහුවා ඇබ
වසා ජාතික රෙදි පටියෙන් දෙඇස