Friday, July 11, 2014

විකුණපං

විකුණපං    විකුණපං 
දිගටම තව විකුණපං 
සක්කිලි කමට විකුණපං 
හොදට තලු මරලා තව විකුණපං 

පැදුරක් දැක නැති උඹ
දුක් වින්දලු ජීවිතේ 
කදුළක් දැක නැති උඹේ ජිවිතේ
දුක් වින්දලු ජීවිතේ
විකුණපං තව විකුණපං 

උඹ යාළුවෝ වික්කා 
අපේ මිනිස්සු වික්කා 
අපේ කමක් වික්කා 
උඹේ ආත්මයත් වික්කා 

විකුණපං තව විකුණපං 
අපේ ජීවිත කතා උඹ විකුණපං 
කුණු කොල්ලෙට රස බලනා 
පරයන්ටම විකුණපං 

10 comments:

  1. හැම දේම මාකට් වෙන සමාජයේ මාකට් නොවන එකම දේ මාකටිං

    ReplyDelete
    Replies
    1. එකත් මාකටිං වෙලා ඉවරයි මට හිතෙන්නෙ මල්ලියා

      Delete
  2. මේක මම හිතන පුදගලයට එල්ල කළා නම්.. බොහොම අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ඔය බොරු දුක ගැන කියන ඕන එකෙකුට මෙක හරියයි

      Delete
  3. අද කාලෙ අපිත් නොදැනිම විකිණෙනවා....

    ReplyDelete
    Replies
    1. අපි ඉත්ං විකිනෙන්න වෙලා මොනවා කරන්නද ?දැන් මොනවද විකිනෙන්නෙ නැත්තේ ??

      Delete
  4. "මගේම කලිසම අගේට ඇඳගෙන ඌ උගේ වගේ යනවා..."

    වගෙයි නේද බං මේකත්. දු විඳපු එකාගෙ දුක ඒක නොවිඳපු එකෙක් උගේ කරගෙන අර දුක් විඳපු එකා විකුණගෙන කනකොට දැනෙන හැඟීමට උඹ අපූරු පාටක් තවරලා සහෝ..

    ReplyDelete
  5. ඔවුවා මොනාද බං ඉතින්..

    ReplyDelete

හිතෙන දේ ලියන්න

Blogger Tricks