Wednesday, June 11, 2014

පොසොන්....................

සිනා නැති මුහුණු 
විඩාබර ජීවිත 
දහස් ගණන්
මඟක් නොමැතිව අතරමංව 
පිපාසයට
සොයයි ධම් පැන් පොදක් 
මේ පොසොන් පෝදා-ගස් ගල් මතින්
කුසේ ගිනි නිවන්නට-දන්සැල් බත් පිඩක් 
පොලිම් සැදි මග දිගට 
මට ප්‍රීතියක් නොදැනේ-මේ පොසොන්
මිහිඳු හිමියනි 
නැවත වැඩ
දෙසන්න බණ පදයක්  
මේ සිනා නැති විඩාබර 
ජීවිත සනහා-ඉසින්න ධම් පැන් පොදක්
පන්නා මිසදිටුවන්-ඔබ සැදු පරපුරේම 
 

4 comments:

  1. දැන් රටාවේ හැටියට බුදු හාමුදුරුවො වැඩියත් වැඩක් වෙන එකක් නැ.

    ReplyDelete
    Replies
    1. එහෙමත් හිතෙනවා තමයි දකින දෙවල් එක්ක

      Delete
  2. වැඩක් නෑ බං.. දැන් ආයේ කවුරුවත් එන්නේ නෑ හරි මගට ගන්න..

    ReplyDelete
    Replies
    1. එක එහෙම බව දැනගෙනත් හිතෙනවා මෙහෙම මේ දේවල් දැක්කාම

      Delete

හිතෙන දේ ලියන්න

Blogger Tricks