Wednesday, June 11, 2014

පොසොන්....................

සිනා නැති මුහුණු 
විඩාබර ජීවිත 
දහස් ගණන්
මඟක් නොමැතිව අතරමංව 
පිපාසයට
සොයයි ධම් පැන් පොදක් 
මේ පොසොන් පෝදා-ගස් ගල් මතින්
කුසේ ගිනි නිවන්නට-දන්සැල් බත් පිඩක් 
පොලිම් සැදි මග දිගට 
මට ප්‍රීතියක් නොදැනේ-මේ පොසොන්
මිහිඳු හිමියනි 
නැවත වැඩ
දෙසන්න බණ පදයක්  
මේ සිනා නැති විඩාබර 
ජීවිත සනහා-ඉසින්න ධම් පැන් පොදක්
පන්නා මිසදිටුවන්-ඔබ සැදු පරපුරේම 
 

Blogger Tricks