විකුණපං    විකුණපං 
දිගටම තව විකුණපං 
සක්කිලි කමට විකුණපං 
හොදට තලු මරලා තව විකුණපං 
පැදුරක් දැක නැති උඹ
දුක් වින්දලු ජීවිතේ 
කදුළක් දැක නැති උඹේ ජිවිතේ
දුක් වින්දලු ජීවිතේ
දුක් වින්දලු ජීවිතේ
විකුණපං තව විකුණපං 
උඹ යාළුවෝ වික්කා 
අපේ මිනිස්සු වික්කා 
අපේ කමක් වික්කා 
උඹේ ආත්මයත් වික්කා 
විකුණපං තව විකුණපං 
අපේ ජීවිත කතා උඹ විකුණපං 
කුණු කොල්ලෙට රස බලනා 
පරයන්ටම විකුණපං