Wednesday, June 11, 2014

පොසොන්....................

සිනා නැති මුහුණු 
විඩාබර ජීවිත 
දහස් ගණන්
මඟක් නොමැතිව අතරමංව 
පිපාසයට
සොයයි ධම් පැන් පොදක් 
මේ පොසොන් පෝදා-ගස් ගල් මතින්
කුසේ ගිනි නිවන්නට-දන්සැල් බත් පිඩක් 
පොලිම් සැදි මග දිගට 
මට ප්‍රීතියක් නොදැනේ-මේ පොසොන්
මිහිඳු හිමියනි 
නැවත වැඩ
දෙසන්න බණ පදයක්  
මේ සිනා නැති විඩාබර 
ජීවිත සනහා-ඉසින්න ධම් පැන් පොදක්
පන්නා මිසදිටුවන්-ඔබ සැදු පරපුරේම 
 

Tuesday, June 10, 2014

තනි යහන

සඳ කැන් පෙරෙයි සිරි යහනට වරින්  වරේ 
උඹ සැතැපුණු යහනේ ඉම තවම   පෙණේ 
සීතල ඝන තනි හද වී සිදුරු           කරේ 
තනිකඩ සිත නොනිදා රැය පහන්     කරේ  

Blogger Tricks