Sunday, February 16, 2014

කන්දක් විලි බරව කෑ ගැහුවට 
වදන්නෙ මී පැටියෙක් බව දන්නවා 
බොලව්

වදපු මී පැටියාව අරගෙන උඹලා ලඟ 
හිගා කන්න වෙන බවත් දන්නවා 
බොලව්

දෙන්න බැරි නම් නොදි ඉදපල්ලා 
මේ අමාරුවේන් වදපු මී පැටියව හැල්ලු නොකර 


රිදෙනවා පපු කැවුත්ත  හොදටම 
ගලවලා අතට ගන්න හිතෙන තරම් 


උනහපුලුවට උගේ පැටියා මැණිකක්ලු 
එහෙව් එකේ මම වදපු මී පැටියා මට වටිනවා 
මුළු හදින්ම 

ප.ලි 
මේ තියෙන්නෙ බොග ගැන නම් නොවෙය .කතාව නොතෙරෙ නම් කමක් නැත .

Friday, February 14, 2014

මගේ පෙම් කව නම්


දිය මත ලිව්වා ඔබේ නම මා
සදා නොමැකෙන සේ සිතා 
අහසේ ඇන්දා අපේ පෙම කව 
ලොවට පෙනෙතැයි සිතා 
සුළගට කිවා අපේ පෙම් ගී 
සුවහසක් අසතැයි සිතා 
මලට දුන්නා ඔබේ සුවඳ මා 
මල් සුවඳ කරවනු නියා 

අදුරු පට වසා ගනව ගිය ලොව 
තිමිර එළිය මතු නොඑනු නිසා 
සදට බෑ කිසි දින හිරු අල්ලන නියා 
හිරුට නෑ බිය මුළු එළිය හිරුගේ නිසා 




  
                   

 

Monday, February 10, 2014

බෙර කරු

ගහපු පදයකුත් නෑ බෙරෙ පලුවකුත් නෑ 
මොන මඟුලකට බෙර ගැහුව ද මම 
අවසානේ අතේ කරගැට විතරයි ඉතුරු 
නටපු උන්ට අත්පොඩි හරි තිබුණා 

තවත් නම් මේ බෙර ගහලා වැඩක් නෑ 
හොදටම ඇති මේ බෙර හැහුවා 

එක්කො නටන්න යන්න ඕන 
වැඩක් නෑ නටන්න ගියත් -නටන්න දන්න එකක් ඈ 
යනවා යන්න 
මේ වේදිකාවෙන් බැහැලා- අයේ නොයෙන්නම ..

Sunday, February 2, 2014

කොණ්ඩය පාට කරපු 
බුරියට පච්ච කොටපු 
ඩෙනිමක් හිරට ඇදපු 
කෙල්ලක් මට ඕනා ...

සුදු හම දිලිසි දිලිසි 
තොල් දෙක පාට කරපු 
ඇහිබැම හිනි කරපු 
අට්ටික්කා මලක්ම මට ඕනා 

පිටතින් යසට පෙනෙන 
ගන්නට අසා හිතෙන
දැක්කත් ගත ගිනියම් වෙන 
පට්ට කැල්ලක් මට ඕනා 


සටහන 
කර්තෘ මම නොවන අතර  මා හට ලැබුණු පද කිහිපයකි .සම්පූර්ණ අයිතිය මා නොදන්නා කර්තෘ සතුය.

Blogger Tricks