Friday, November 29, 2013

වරිපනම

 



අපෙන් ගත්තු වරිපනමෙන් 
ගත්තු ලොකු දඬු මොණරින් 
දුවිලි නoවාගෙන -පාර දෙබෑ කර
යන රජ මැති ඇමතින් 
අපටම දත නියවන හැටි 
අනේ ඉතිං බලපල්ලා ....

Tuesday, November 26, 2013

කිමද නුඹ

වසන්තය කිමද නුඹ
යොවුන් විය අසබඩ 
සෙනෙහෙබර හදවත් 
දියමන්තියක් මෙන් 
දිදුලනු බලා සිටිය 
නොහැකි කිම නුඹට
දෛවය සමග හාදව 
නුඹ කරන සරදම 
අරුමයකි මා හට ..........


ප.ලි 
කර්තෘ මා නොවෙමි ...  

Thursday, November 21, 2013

අපට අහිමි අපේ ජිවිත

රූප පෙට්ටියෙන් කියන දේ කන බොන 
මුදලාලි දෙන දේ ගෙන යන 
අපේ ජිවිත ...
උදෑසන ඔපිසියට යන 
බල්බයෙන් හිරු දකින පoකාවෙන් සුළං හමන 
අපේ ජිවිත ...
පඩියට මාසයක් ඇගිලි ගනින 
පඩියෙන් භාගයක් ගත් ණයට කැපෙන 
අපේ ජිවිත ...
සතුටක් නැති දුකකුත් නැති
ගතියක් නැති  ඔහේ ගෙවෙන 
අපට අහිමි අපේ ජිවිත ය .............

Wednesday, November 20, 2013

අපි එසේ නොවි ඉමු ....



අපි එසේ නොවි ඉමු ...
වෙනත් පෙම්වතුන් මෙන්
අදරය කදුලට දිය කරන
දුක උකසට තබන
පෙම්වතුන් නොවෙමු අපි ..
එකතු කර සෙනෙහසේ රන් හුය
දුක් වේදනා මතකයන් දැවැදි ගෙන
ඔබට පතිකුලයට යැමට සිදුවනු ඇත ..
අපි එසේ නොකර ඉමු
පෙම්වතුන් නොවි ඉමු

මතු දවසක හමුවි හිනහෙමු
එකම අහස් කුස යට
දුක නොහදා ඉමු අපි ..
අපි එසේ නොකර ඉමු
පෙම්වතුන් නොවි ඉමු .....
Blogger Tricks